
පළාත් 3ක ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙති
ඌව, මධ්‍යම සහ දකුණු යන පළාත් ත්‍රිත්වයේ ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී සිය අස්වීමේ ලිපිය පෙරේදා (3) ජනාධිපති ලේකම්වරයා වෙත බාරදෙන ලදි. එසේම දකුණු පළාත් ආණ්ඩුකාරධුරය දැරූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ධුරයෙන් ඊයේ (4) ඉල්ලා අස් වී තිබේ. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දී ඇත. එසේම ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාද පසුගියදා ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබේ.
[අසේල කුරුළුවංශ]
ජනප්‍රිය ලිපි