2023දී රටේ ආර්ථිකය ගොඩනඟන ප්‍රවාහන මාදිලියක් හදනවා : - අමාත්‍ය පාඨලී චම්පික රණවක

 ඡායාරූපය:

2023දී රටේ ආර්ථිකය ගොඩනඟන ප්‍රවාහන මාදිලියක් හදනවා : - අමාත්‍ය පාඨලී චම්පික රණවක

කාන්තාවන්ට තම ආත්ම ගරුත්වයත් පුරුෂයන්ට තම පෞරුෂයත් රැකගෙන ගමන් කළ හැකි නව ප්‍රවාහන මාදිලියක් 2023 වනවිට ගොඩනඟන බවත් එය රටේ අනාගත ආර්ථිකයද ගොඩනංවන ප්‍රවාහන මාදිලියක් බවත්

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (31) කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අලුත් යුගයට ගැළපෙන අලුත් ගමනක් යන්න පුළුවන් සුවිශේෂී ප්‍රවාහන මධ්‍යස්ථානයක් අද මාකුඹුර ප්‍රදේශයේ විවෘත වුණා. ඇත්තටම මේ සංවර්ධන කටයුත්ත ගැන අප පළමුවෙන්ම ජපාන රජයට, ජයිකා ආයතනයට ස්තූතිවන්ත වෙනවා. මේ අධිවේගී මාර්ගයට පිටතින් තිබෙන පිටත වටරවුම් මාර්ගය පිළිබඳ යෝජනාව 1998 ‘කලම්බු මෙට්රෝ පොලිටන්’ සැලසුමෙන් තමයි ඉදිරිපත් වුණේ. ඒ අවස්ථාවේදී පිටත වටරවුම් මාර්ගයේ යාදාමයත් කොට්ටාවේ සිට ගාල්ලට ජයිකා ආධාරයෙන් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ වූ ඒ යාදාමයත් සමඟ මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පිළිබඳ අදහස පැනනැඟුණා. නමුත් ඒ යාවලිය 2009 සිටම පමාවෙලා යාත්මක වුණා.

“මුලදී මේ ස්ථානය තෝරා ගත්තේ අධිවේගී මාර්ගයට යන වාහනවල බර කිරන ස්ථානය හැටියටයි. නමුත් පසුව ඒ අදහස ඉවත් කරලා බර කිරීමකින් තොරව අධිවේගී මාර්ගයට ඒ වාහන ඇතුළත් කරන්න මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කළා. ඒ වගේම මේ යාදාමය කරන්න අපට පහසු වුණේ නැහැ. මොකද ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක මහජනයාගේ අදහසුත් විමසලා තමයි, ඒ අයගේත් ඕනෑ එපාකම් එක්ක තමයි අපට මේ දේවල් කරන්න වෙන්නේ. මෙතන ගස් ඉවත් කරන්න ගියහම ජනතාවගේ විරෝධතා ඇති වුණා. නමුත් අපේ මහා නායක හාමුදුරුවෝ මෙතන පිරිත් සජ්ඣායනය කරන වෙලාවේ මේ ඉඩම් හිමිකරුවන්, අවට නිවාසවල අය තමයි අපේ ස්වාමීන්වහන්සේලාට ගිලන්පස පූජා ආදිය පවත්වලා එම සත්කාර සිදු කළේ. නමුත් මේකට දේශපාලනය අතගැහුවා නම් අනිවාර්යයෙන්ම මෙතන මෙය ඉදිකර ගැනීම තවත් පමා වෙනවා. මම ස්තූතිවන්ත වෙනවා සියලුම දෙනා ඒ ගැන අවබෝධයෙන් යා කිරීම ගැන. මොකද මේ රටේ මෙවැනි සංවර්ධනයක් කරන්න ආවහම මහජනයා තුළ බිය සැක ඇතිකර තමන්ගේ මනාපය වැඩි කර ගන්න, තමන් ඇමති කෙනෙක් නම් ඇමතිකමට තව කෑල්ලක් එකතු කර ගන්න බලනවා එම ජනතා විරෝධය හරහා. එහෙම කිසිම කෙනෙක් උත්සාහ නොකිරීම ගැන අප ස්තූතිවන්ත වෙනවා.

“ඒ අනුව 2015 නොවැම්බර් 2 වැනිදා මේ රජය බලයට පත්වුණාට පසුව ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් ප්‍රධානත්වයෙන් එම රජයේ පාලනය යටතේම මේ වැදගත් මධ්‍යස්ථානය විවෘත කරන්න ලැබීම ගැන අපි බෙහෙවින්ම සතුටු වන බව ප්‍රකාශ කරන්න ඕනෙ.

ඒ වගේම අපි පසුගියදා කඩවත මෙවැනිම ප්‍රවාහන මධ්‍යස්ථානයකට මුල්ගල තැබුවා. එහි පළමු පියවර මේ වසර අවසන් වෙන්නට පෙර විවෘත වෙනවා. ඊළඟට අපි කටුනායක 18 කණුවේ මෙවැනිම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඇති කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙක බත්තරමුල්ලෙත් කොළඹ පිටකොටුවේ දුම්රිය ස්ථානයත්, බස්රථ නැවතුම්පොළත් එකතු කරලා කටයුතු කරන්න. ඒකට තිබෙන ප්‍රධාන බාධාව වන මැනිං වෙළෙඳපොළ ඉවත් කරලා පෑලියගොඩ අක්කර 25ක සියලුම එළව පලතුරු තොග වෙළෙඳාම කරන්න පුළුවන් වැදගත් තොග වෙළෙඳ මධ්‍යස්ථානයක් දැන් ඉදිවෙමින් තිබෙනවා. එය ඉදිවුණාට පසුව අපට පුළුවන් වෙනවා කොළඹ නගරයට ලොරි ඇතුළුවෙන එක නවත්වන්න. මැනිං වෙළෙඳපොළ ඇතුළු ප්‍රදේශය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කරන්න මේ විටත් සැලසුම් කර හමාරයි.

“ඒ වගේම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අඹේපුස්සේ සිට මරදානට, පිටකොටුවට ඊළඟට කැලණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කරන්න කටයුතු කරනවා. මේක ප්‍රධාන ප්‍රවාහන නාලිකාව බවට පත් කරන්න දැන් ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා ආසියානු සංවර්ධන වැඩපිළිවෙළ යටතේ. ඒ අනුව මෙම ස්ථානයට එනකල්ම ඉහළින් යන දුම්රිය මාර්ගයක් සැලසුම් කර තිබෙනවා. මෙතන සිට පාදුක්කට ද්විත්ව දුම්රිය මාර්ගයක් බිම දිගේ ගෙනයන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කිරුලපන, මහරගම, නාවින්න, කොට්ටාව වගේ ස්ථාන ගණනාවක ඉතා වැදගත් දුම්රිය මධ්‍යස්ථාන ගොඩනැඟෙනවා. ඒ වගේම ඒ හරහා ආර්ථික මධ්‍යස්ථාන ගොඩනැඟෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මහරගම, පමුණුවේ තිබෙන රෙදිපිළි කඩ දුම්රිය ස්ථානයේ යට තට්ටුවට සම්පූර්ණයෙන්ම අරගෙන විධිමත් පාලන මධ්‍යස්ථානයක් ඉදිකරන්න.

“ඒ වගේම කොට්ටාවේ බස් නැවතුම මෙමගින් කිසිසේත්ම අහෝසි වෙන්නේ නැහැ. මෙතනින් අපි අධිවේගී මාර්ග පද්ධතියට ප්‍රවේශයක් ගන්නවා. මේ වසර අගදී කෙරවලපිටිය දක්වා අධිවේගී මාර්ගය ඉදිවුණාම මෙතනින් ගුවන්තොටුපොළට යන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙතනින් ගාල්ල, මාතරට යන්න හැකියාව ලැබෙනවා. අනාගතයේ අධිවේගී මාර්ගය පුළුල් වන ආකාරයට යන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අද සිට ශ්‍රී ලංගමත් පෞද්ගලික බස් හිමියොත් එකතුවෙලා ජනතාවට යන්න පුළුවන් හොඳ බස් සේවයක් ආරම්භ වෙනවා පිටකොටුව දක්වා. ඒ වගේම අපි කොට්ටාවේ බස් නැවතුම අමතක කර නැහැ. එතන අපි බස් නැවතුමක් ඉදිකරගෙන යනවා. එතනින් ආරම්භ වන බස් රථ එම ස්ථානයේ දිගටම පවත්වාගෙන යනවා ඇති. ඒ වගේම එම ස්ථානයේ වාණිජ මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත් කටයුතු කරනවා. ඒ වගේම මේ ඉඩමට පිටුපසින් රාජ්‍ය කාර්යාල පද්ධතියක් ඉදිකිරීමට අපි අනාගතයේ කටයුතු කරනවා.

“මෙම මාර්ගයෙන් එහා පැත්තේ තිබෙන ඉඩමේ උද්‍යානයක් හා මධ්‍යම ප්‍රන්තික නිවාස සංකීර්ණයක් ඉදි කරනවා. එතකොට මේ මුළු කලාපයම නව නගරයක් හැටියට මේ ප්‍රවාහන මධ්‍යස්ථානයත් සමඟ ගොඩනැඟෙන බව කිව යුතුයි. ඒවගේම නූතන තාක්ෂණයත් සමඟ තමන්ගේ ජංගම දුරකථනය පාවිච්චි කරලා, එහෙම නැත්නම් අනාගතයේ එන සහසර කාඩ්පත පාවිච්චි කර එහෙම නැත්නම් මුදල් පාවිච්චි කරලා යන ඕනෑම ක්‍රමයකට මෙතනින් සේවා ලබා ගැනීමේ හැකියාව අපි ලබා දෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ එම තාක්ෂණ යාවලියත් සමඟ. එවැනි නව තාක්ෂණ ප්‍රවේශයකුත් මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් එනවා. එක වසරක් අපගේ අමාත්‍යාංශය යටතේ තිබෙන එම ව්‍යාපෘතිය මඟින් මෙය සිදුකර ඊට පසුව ප්‍රවාහන අමාත්‍යාංශය, බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය, ඒ වගේම මහා මාර්ග ක්ෂේත්‍රය, නාගරික සංවර්ධන ක්ෂේත්‍රය කියන සියලු ක්ෂේත්‍ර එකට එකතු කරපු විධිමත් ආයතනයකට මේ ස්ථානයේ අනාගත නඩත්තුව අපි බාර කරනවා. එපමණක් නෙමෙයි මෙම ස්ථානය ආදායම් උපදවන තැනක් බවට පත් කර මෙම ස්ථානයේ වියදම් එමගින් ලබා ගැනීමට අපි ක්‍රියා කරනවා."

මාතෘකා