කථා කිරීමේ අයිතිය උද්ඝෝෂණය කිරීමේ අයිතිය ආරක්ෂා කළා : ඇමතිනී තලතා අතුකෝරළ පවසයි

 ඡායාරූපය:

කථා කිරීමේ අයිතිය උද්ඝෝෂණය කිරීමේ අයිතිය ආරක්ෂා කළා : ඇමතිනී තලතා අතුකෝරළ පවසයි

පසුගිය ආණ්ඩු සමයේ රටේ නීතිය එක් පවුලක් මඟින් පාලනය කළ නිසා රටේ මත්ද්‍රව්‍ය වෙෙළඳාමට යොදවාගත්තේ පාසල් යන දරුවන් බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ඊයේ (11) රත්නපුරය ප්‍රදේශයේ උත්සවයකට එක්වෙමිනි.

“ආණ්ඩුව පෙරලනවා කිවුවාම පොඩි පොඩි දේවල් බලාගෙන අරක දෙනවා මේක දෙනවා කිවුවාම මහින්ද මහත්තයා අගමැති වෙනවා කිවුවාම ඔක්කොම හිතුවා ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි, තලතා අතුකෝරළලාටයි පාඩමක් උගන්වන්න පොහොට්ටුව දිනවන්න ඕන කියලා.

"මේ අයට පක්ෂයකුත් නැහැ, නායකයෙකුත් නැහැ. කල්ලියක් හැටියට ඉන්න පාර්ලිමේන්තුවේ අපි ගණන් ගන්නෙත් නැහැ.

"එදා ශ්‍රේෂ්ඨාධිකරණය මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට නියෝග කළා පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කට අඩු කරන්න කියලා. එදා ඒ නියෝගය ක්‍රියාත්මක නොකර අධිකරණයට අපහාස කළා. එහෙමයි එදා වැඩ කළේ. එදා හැම තැනම තිබුණේ නාස්තිය. දැන් ඔයාලා පත්තර ටීවී බලනවා. එදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කරලා තියෙන දුෂණ වංචා කොහොමද කියලා පේනවා.

හැම තැනම එදා දුෂණ වුණා. අද අපේ රටේ පාසල් දරුවෝ තරුණ තරුණියෝ පුදුම විදිහට මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා. අපි ඒ අභියෝගයත් අද භාර අරගෙන තියෙනවා. දැන් අපේ රටේ පාතාලය තියෙන්න බැහැ. හමුදාව පොලිසිය ඒවා මැඩ පවත්වනවා. ඉස්සර කොහොමද මත්කුඩු ඇල්ලුවම ජනාධිපති යනවා, ඇයි මේක වැටලුවේ කියලා අහන්න. අද මේවා වෙනස් වෙලා තියෙනවා. මේ මත්කුඩු රටට ආව ක්‍රමයක් තියෙනවා.

"අද නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත වෛද්‍යවරුන් බදු ගෙවන්න කිව්වම බැහැ කියලා උද්ඝෝෂණය කරනවා. කොහොම හරි විවිධ උද්ඝෝෂණ කරන්නේ කොහොම හරි වෙඩිල්ලක් තියාගන්න. ඒ තරම් මෝඩ ආණ්ඩුවක් නෙමෙයි මේක. අපිට මිනිස්සු මරලා බලය රැක ගන්න ඕන නැහැ.

කථා කිරීමේ අයිතිය උද්ඝෝෂණය කිරීමේ අයිතිය මේ ආණ්ඩුව ආරක්ෂා කරලා තියෙනවා.. එදා බන්ධනාගාරයේ උද්ඝෝෂණය කරන කොට වෙඩි තියලා මැරුවා. මම කියන්නේ ඔහොම නෙමෙයි ඔළුවෙන් හිට ගත්තත් රාජපක්ෂ කෙනෙකුට මේ රටේ බලයට එන්න බැහැ. වෙන හේතුවක් නිසා නෙමෙයි ඒ ගොල්ලන්ගේ හිතේ තියෙන දේ හොද නැහැ” යැයි ද අමාත්‍යවරිය පැවසීය.

මාතෘකා