එජාප ඡන්දය විශ්වාසභංගයට විරුද්ධව

 ඡායාරූපය:

එජාප ඡන්දය විශ්වාසභංගයට විරුද්ධව

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය එළඹෙන අප්‍රේල් 04වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (29) තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන මැති-ඇමැතිවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවට සහභාගි වූ අතර පක්ෂය සමග සන්ධානගත වී සිටින එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ නායකයෝද ඊයේ අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා යෝජනා ඇතුළත් ඇමැති රුවන් විජයවර්ධන කමිටු වාර්තාවද එම රැස්වීමේදී සාකච්ඡාවට ගැනිණි. එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ‍අප්‍රේල් 10 වනදාට පෙර කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.


ජනප්‍රිය ලිපි