ආණ්ඩුව නිවැරදි දැක්මකින් කටයුතු කරනවා

 ඡායාරූපය:

ආණ්ඩුව නිවැරදි දැක්මකින් කටයුතු කරනවා

 රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම

රටේ ණය ගෙවීමේ වගකීම වත්මන් රජය භාරගෙන ඇති බවත් පසුගිය කාලයේ ගත් ණය ගෙවීමට සිදුවී ඇත්තේ වත්මන් ආණ්ඩුවට බවත් ඒ සඳහා නිවැරදි දැක්මක් ඇතිව වැඩසටහන් රාශියක් ආරම්භ කරන බවත් පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ (24) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

“මේ රට භාරගන්නකොට ණය ගෙවන්නත් ඩොලර්වලින් ණය ගත්ත රටක්. ගුරුවරුන්ගේ පඩි ගෙවන්න, රෝහල් නඩත්තු කරන්නත් ණය අරගෙන තිබුනා. හම්බන්තොට වරාය කෝටි ගණන් වියදම් කරලා හැදුවා. ඒක ලොකු බිල්ඩින් එහෙකට පමණක් පත්වුණා, ඒ හම්බන්තොට වරාය නිසා 2016 වර්ෂය වන විට පාඩුව රුපියල් කෝටි 4667 යි, වියදම් කරපු මුදලවත් ලැබුණේ නෑ.

මත්තල ගුවන්තොටුපළ හැදුවා සංචාරකයන් ආවේ නෑ. වර්ෂයකට මත්තල ගුවන්තොටුපළ නඩත්තුව සඳහා රුපියල් මිලියන 5875ක් වියදම් කරන්න සිදුවී තිබුණා.

2015ට පෙර ගත්තු ණය නිසා වසර ගණනාවක් විදෙස් රටවලට ණය ගෙවන්න වෙලා.

1950 වර්ෂයේ අපනයනය ඩොලර් මිලියන 297 ආනයනය ඩොලර් මිලියන 246 යි. 2015 ආනයනය ඩොලර් මිලියන 18000යි අපනයනය ඩොලර් මිලියන 10000යි.

ඩොලර් මිලියන 8000ක් වෙනත් රටවල් වලට යනවා. මේ තත්වය නැතිකරන්න ක්‍රියාමාර්ග රාශියක් අරන් තියෙනවා.

ලෝකයේ මුදල් අපේ රටට ගේන්න අවශ්‍යයි. නැතිනම් රට අගාධයට යන්න වෙන්නේ. කර්මාන්ත වැහිලා. විරැකියාව වැඩිවෙලා. රටට ආදායම එන මාර්ග නෑ. දියුණු රටවලට අපේ ශ්‍රමිකයන් ගන්නේ නැති තත්වයකට පත්වෙලා තිබුණා. මෙයින් ගොඩ ආ යුතුයි”

මාතෘකා