බෙදුම්වාදයට අපි විරුද්ධයි

 ඡායාරූපය:

බෙදුම්වාදයට අපි විරුද්ධයි

නි. ඇමති නලීන් බණ්ඩාර

“පහුගිය සතිවල ගිනිගත්ත කතාවක් නිසා විජේකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය කළ කතාව පක්ෂයක් හැටියට අපි අනුමත කළේ නැහැ. පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම හැටියට සහ අපේ ඉදිරිපෙළ නායකයෝ සියලුදෙනාම විජේකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ඒ කළ ප්‍රකාශයට පක්ෂයක් හැටියට අපි විරෝධය ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බෙදුම්වාදයට උඩගෙඩි දෙන ප්‍රකාශ කරනවා නම් පක්ෂයක් හැටියට අපි විරුද්ධයි” යනුවෙන් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (10) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව් කරපු ඩොලර් මිලියන 7.6 චෝදනාව පිළිබඳව තවමත් එයට නිසි පරීක්ෂණයක්, නැතුව යනවා. මේ ඩොලර් මිලියන 7.6 චෝදනාව සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තුව තුළ විවාදයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. බෙල්ල කපා ගන්නවත්, සිරිසඟබෝ වෙන්නවත්, විදුලි පුටුවට යන්නවත් වගේ රාජතාන්ත්‍රිකභාවයට උචිත නැති ආකාරයේ වාග් මාලාවන්වලට යන්නේ නැතුව කරුණාකරලා මේක ශීලාචාර ක්‍රමයට විසඳගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

ඉතින් ඒ එක්කම පහුගිය සතිවල ගිනිගත්ත කතාවක් නිසා විජේකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය කළ කතාව පක්ෂයක් හැටයට අපි අනුමත කළේ නැහැ. පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම හැටියට සහ අපේ ඉදිරිපෙළ නායකයෝ සියලුදෙනාම විජේකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ඒ කළ ප්‍රකාශයට පක්ෂයක් හැටියට අපි විරෝධය ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බෙදුම්වාදයට උඩගෙඩි දෙන ප්‍රකාශ කරනවා නම් පක්ෂයක් හැටියට අපි විරුද්ධයි. අපි එතුමියගේ ප්‍රකාශය සිද්ධ වෙච්ච සැණින් අපි වැඩිකල් ඇරියේ නෑ සතියක් ඇතුළත විනය කමිටුවකට භාරදීලා තියෙනවා.

මාතෘකා