උතුරට ගිහින් බුදු දහම දේශනා කළානම් යුද්ධයක් නෑ

 ඡායාරූපය:

උතුරට ගිහින් බුදු දහම දේශනා කළානම් යුද්ධයක් නෑ

ඇමති රාජිත සේනාරත්න

බෞද්ධ දර්ශනය විද්‍යාත්මක දර්ශනයක් බවත් ශ්‍රී ලංකාවේ අපට වෙනත් ආයෝජනවලට වඩා බෞද්ධ දර්ශනය හොඳම ආයෝජනයක් බවත්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.යුරෝපීය ජාතිකයන් පවා අද වෙනකොට බෞද්ධ දර්ශනය වැලඳගෙන තියෙන බවත් පිළිගත හැකි දර්ශනය හොඳින් හැදෑරිය යුතු බවත් හෙතෙම කීය.

ජර්මනියේ සමථ බල සම්පන්න ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ උඩුගම්පොළ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහ විහාරාධිපති ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ට සන්නස් පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

ඒ වගේම තමයි අපගේ බෞද්ධ ධර්මය විදේශීය භාෂාවලින් මුද්‍රණය කර බෙදාහැරිය යුතුයි. විදේශීය රටවල බුදු දහම පැතිරවීමට කලින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කරලා බුදු දහම දේශනා කළ යුතුයි. උතුරට ගිහිල්ලා බුදු දහම දේශනා කළා නම් වසර 30ක යුද්ධයක් අපේ රටේ ඇති වෙන්නේ නැහැ.

අනෙක් ජාතීන් සමඟ කතා කරනකොට ඔවුන් බුද්ධ ධර්මය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනවා. බුදුන් වහන්සේ බෞද්ධ දර්ශනය දේශනා කරලා තියෙන්නේ බෞද්ධයන්ට විතරක් නෙවෙයි. සමස්ත මානව සංහතියටම. ගංගොඩවිල සෝම හිමියන් ධර්මය ප්‍රචාරය කරනකොට ඒවා අහන්න මුස්ලිම්, දෙමළ ජනතාවත් එකතු වුණා. කොළඹ ආනන්ද විද්‍යාලයේ බුදු දහම ඉගැන්වූ කොටගම වාචිස්සර හිමියන් නිර්මල බෞද්ධ දර්ශනය රටට කියා දුන්නා. ලංකාවේ වර්තමානයේ සිදුවන ඇතැම් සිද්ධීන් උන්වහන්සේ හිටියා නම් සිදුවෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි නිර්මල බුදු දහම හරියටම කියාදෙන නිසා.

මාතෘකා