ඉදිරි මාස දහයේදී ජනතාවට දැනෙන ආකාරයේ වෙනසක්

 ඡායාරූපය:

ඉදිරි මාස දහයේදී ජනතාවට දැනෙන ආකාරයේ වෙනසක්

අමාත්‍ය සජිත් ප්‍රේමදාස

විවිධ ආර්ථික න්‍යායන් ක්‍රියාත්මක කිරීම වෙනුවට ඉදිරි මාස 10 තුළ ජනතාවට දැනෙන ආකාරයේ ආර්ථික වෙනසක් ඇති කිරීමට තමන් වගබලා ගන්නා බව පෙරේදා (23) පැවති කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඉදිරි මාස දහයක කාලය තුළ රටේ විධායක ජනාධිපතිවරයා සමඟ එකට එක්ව වැඩ කිරීමට සිදුව ඇති බවත් මෙහිදී කිසිවකුටවත් තනි බලයක් නොමැති බවත්ය. එසේම විශාල ආර්ථික න්‍යායන් උපයෝගී කරගෙන වැඩ කරනවාට වඩා මේ කෙටි කාලය තුළ ජනතාව බලාපොරොත්තු වන සංවර්ධනයක් සිදු කළ යුතු බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාතෘකා