අධිකරණය ලබාදුන් තීන්දුවෙන් ජනතා සහන රැසක් නැවතුණා

 ඡායාරූපය:

අධිකරණය ලබාදුන් තීන්දුවෙන් ජනතා සහන රැසක් නැවතුණා

පා. ම. බන්දුල ගුණවර්ධන

අධිකරණය ලබාදුන් තීන්දුවට ගරු කරමින් කැබිනට් මණ්ඩලය රැස් නොවූ බවත් වතු කම්කරු වැටුප් රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමේ යෝජනාව ඇතුළු ජනතා සහන රැසක් ලබාදීම නතර වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. පසුගියදා (04) බත්තරමුල්ල නෙලුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“මහින්ද රාජපක්ෂ මහතා මේ ආණ්ඩුව භාර ගත්තේ ආර්ථිකය කඩාගෙන වැටෙන එක දැන දැන. අපි මේ ආර්ථික අර්බුදය එනවා කියලා කලින් කිව්වා. අපේ කර්මාන්ත ක්‍ෂේත්‍රය, කෘෂිකර්මාන්තය කඩා වැටෙනවා කියලා අපි දිගින් දිගටම කිව්වා. මේ නිසා මුදල් ඇමැති විදියට එතුමා ජනතාවට මේ දින කිහිපය තුළ වටිනා සහන දුන්නා. ඛනිජ තෙල් මිල තුන් පාරක් අඩු කළා. ගොවියගෙ බදු ඉවත් කළා. කර්මාන්ත දහස් ගණනක් වහන්න නියමිතව තිබුණා. ඒ වගේම ඇඟලුම් කර්මාන්තය, දැව කර්මාන්තය, ලී බඩු කර්මාන්තය වැනි දේවල් සඳහා පනවල තිබුණු බදු මුදල් ඉවත් කළා. ඒ වගේම පලතුරු බීම සමාගම් වැසීයෑමේ තර්ජනයකට ලක් වුණා. ඒ කර්මාන්තකරුවන්ට බදු ගහලයි තිබුණේ. ක්‍රම ක්‍රමයෙන් ඒ ජනතාවට ගහල තිබුණු බදු සියල්ල ඉවත් කළා.

“ඒ වගේම අඟහරුවාදා රැස්වීමට නියමිතව තිබූ කැබිනට් හමුවට ඇමැතිවරු 30 දෙනාම ජනතාවට විවිධ සහන දෙන යෝජනා ඉදිරිපත් කරන්න නියමිතව තිබුණා. ඒ වගේම බදු විමුක්ති පැකේජයක් හදන්නත් මම කැබිනට් පත්‍රිකාවක් දාන්න තිබුණා. ඒ වගේම වී සඳහා ස්ථාවර මිලක් ලබාදෙන්න නියමිතව තිබුණා. ජනතා සහන විශාල ප්‍රමාණයක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලය රැස්වෙන්න නියමිතව තිබුණත් අධිකරණ මතයට ගරු කරලා කැබිනට් එක රැස් වුණේ නෑ. මේ ජනතා සහන දෙන එක නතර වුණේ අපේ ආණ්ඩුවෙත්, අගමැතිවරයාගෙත්, ජනාධිපතිවරයාගෙත් වරදක් නිසා නෙවෙයි. අධිකරණය දුන් තීන්දුවට අනුව අපිට රැස්වෙන්න බැරි වුණ නිසයි එහෙම වුණේ”

මාතෘකා