ඝාතකයෝ කෝටිපතියෝ වත්කම් ඥාතින්ට පවරලා

ඝාතකයෝ කෝටිපතියෝ වත්කම් ඥාතින්ට පවරලා

21 වැනිදා ප්‍රහාරයට සම්බන්ධ බව පැවසෙන මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නමැත්තාට අයිති කෝටි ගණනක දේපල ප්‍රහාරයට පෙර ඔහු සිය දරුවන්ට සහ සහෝදරයින්ට පවරා ඇති බවත් ඔහුට අයත්ව තිබූ වැල්ලම්පිටියේ පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 450ක වත්කම් ඔහුගේ දරුවන් සිව් දෙනෙකුට තැගි ඔප්පුවක් මගින් ලබා දී ඇති බව විමර්ශනවල දී හෙලි වී තිබේ. එමෙන්ම ඔහු සහ මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් මොහොමඩ් නැමැත්තන්ට අයත් කොළඹ ප්‍රදේශයක පිහිටි පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 100ක් වටිනා දේපල සහෝදරයෙකුට පවරා ඇති බවත් මේ වන විට හෙළි වී ඇත.

මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෆාස් අහමඞ් නමැත්තාට අයත් රුපියල් ලක්ෂ 500ක් වටිනා ඉඩමක් සහ මාතලේ පිහිටි ලක්ෂ 110ක් වටිනා ඉඩමක් පෞද්ගලික සමාගම් 02කට ලබා දී ඇතැයි වාර්තා වේ. ඔහු මෙම සියලු දේපල මාර්තු මස 29 වැනිදා සහ අප්‍රේල් පළමු වැනිදා යන දිනවල පවරා දී තිබේ. මීට අමතරව ඔහු සතු ජංගම දුරකතන සහ ලැප්ටෝප් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඔහු යටතේ සේවය කළ සේවකයන් දෙදෙනෙකුට ලබා දී තිබේ.

ඉකුත්දා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණේද ද මෙම මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෆාස් අහමඩ් නැමැත්තායි.

මාතෘකා