කටකතාවලට රැවටෙන්න එපා

 ඡායාරූපය:

කටකතාවලට රැවටෙන්න එපා

රජය නිවේදනය කරයි

පසුගිය 21 වැනිදා කළ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතු කොටගෙන එම ත්‍රස්තවාදී ක්‍රියාවන් මුලිනුපුටා දැමීම සඳහා සිදු කරන විමර්ශන හා මෙහෙයුම් කටයුතුවලට අදාළව අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලින් කලබල නොවන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව තොරතුරු වාර්තා කිරීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙසද රජය අවධාරණය කරයි. විමර්ශන කටයුතුවලට අදාළව මහජනතාව දැනුම්වත් කළ යුතු ඉතා වැදගත් තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලද නිල ප්‍රවෘත්ති මගින් දැනුම් දීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා පවසයි.

ආරක්ෂක අංශ විසින් සිදු කරන මෙහෙයුම් හා විමර්ශන කටයුතු පිළිබඳ කෙරෙන අවිධිමත් සන්නිවේදනයන්: (ඇතැම් පුද්ගලයන් යවන කෙටි පණිවුඩ, කටකතා හා වෙනත් සන්නිවේදනයන්) හේතුවෙන් මහජනනතාව අනවශ්‍ය ලෙස කබලයට පත් වීම ඔවුන්ගේ දෛනික කටයුතුවලට මෙන්ම මෙහෙයුම් විමර්ශන කටයුතුවලටද බාධාවක් බව හඳුනාගෙන ඇතැයි මේ පිළිබඳ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

[රසිකා හේමමාලි] [නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා