හදිසියේ ඊඩ්න් ගාර්ඩ්න් ආ ස්ටීව් වෝ

 ඡායාරූපය:

හදිසියේ ඊඩ්න් ගාර්ඩ්න් ආ ස්ටීව් වෝ

ඔස්ට්‍රේලියාව බිහිකළ සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා නායකයෙක් සේ සැලකිය හැකි ස්ටීව් වෝ හදිසියේ ඉන්දියාවේ ඊඩ්න් ගාර්ඩ්න් පිටියට පැමිණ තිබේ. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ එසේ පැමිණි වෝ ඡායාරූප ශිල්පියෙකු ලෙසින් සැරසී සිටි බවයි. 1987 වසරේ ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේදී ජයග්‍රහණය වාර්තා කළ මෙම ක්‍රීඩාංගණය 2001 වසරේ පැවැති ටෙස්ට් තරගයකදීද ඔහුට අසිරිමත් මතක එක්කළ ක්‍රීඩාංගණයක් සේ සැලකේ. දෙදින සංචාරයකට ඉන්දියාවට පැමිණ සිටි වෝ ක්‍රීඩාංගණයේ විවිධ කෝණයන්ගෙන් ඡායාරූප එකතුවක් ලබාගෙන ඇති අතර වෘත්තීය ඡායාරූප ශිල්පියකු වශයෙන් හැසිරෙමින් එම ඡායා එක්කරගත් බවද ප්‍රකාශිතය. තමන් විසින් ලියනු ලබන ‘ස්ප්‍රිට් ඔෆ් ක්‍රිකට් ’ (ක්‍රීඩාවේ ජීවත්වය) යන කෘතිය වෙනුවෙන් මෙම ඡායාරූප ලබාගත් බව වෝට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

News Order: 
8
මාතෘකා

ජනප්‍රිය ලිපි