ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය : අසීරු සටනකින් පසු ෆෙඩරර් අවසන් පූර්ව වටයට

 ඡායාරූපය:

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය : අසීරු සටනකින් පසු ෆෙඩරර් අවසන් පූර්ව වටයට

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල අවසන් පූර්ව තරගයේදී තියුණු සටනකට මුහුණදුන් රොජර් ෆෙඩරර් ජයග්‍රහණය කළේය. එම ජයග්‍රහණයත් සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ෆෙඩරර් සමත් වූ අතර ඇමරිකාවේ ටෙනීස් සැන්ඩ්ග්‍රන් සමඟ එම තරගය පැවැත්විණි.

වට පහක් දක්වා දිග ඇදුණු එම තරගයේ පළමු වටය 6-3ක් වශයෙන් ෆෙඩරර් ජයගත් අතර දෙවැනි වටය 2-6ක් වශයෙන් ඔහු පරාජය විය. තෙවැනි වටයේ ජය යළි සැන්ග්‍රන්ට හිමිවූයේ 6-2ක් වශයෙනි. සිව්වැනි වට වැඩි වේලාවක් ඇදී ගියද අවසානයේ 7-6ක් වශයෙන් එය ජයගැනීමට ෆෙඩරර් සමත්විණි. තීරණාත්මක පස්වැනි වටයේදීද අත්දැකීම් ප්‍රයෝජනයට ගත් ඔහු ඇමරිකානු ක්‍රීඩකයා 6-3ක් වශයෙන් අභිබැවීය. 2018 දීද සැන්ඩ්ග්‍රන් මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත්විය. 2017-19 දක්වා ප්‍රංශ විවෘත තරගාවලියේදී පළමු අනුශූරතාව දිනාගත් ක්‍රීඩකයා සේ සැලකෙන්නේද ඔහුය. පසුගිය වසරේදී විම්බල්ඩන් හා ඇමරිකානු විවෘත තරගාවලියන්හිදී සිව්වැනි හා තෙවැනි අනුශූරතාව දිනාගැනීමටද සමත්වූ අතර ඒ.ටී.පී. ශ්‍රේණිගත කිරීම්හි සිය වැනියා ලෙස ස්ථානගතව සිටී. ෆෙඩරර් රැඳී ඇත්තේ එහි තෙවැනි ස්ථානයේය.

News Order: 
4
මාතෘකා