තරංග එවරස්ට් ප්‍රීමියර් ලීගයට

 ඡායාරූපය:

තරංග එවරස්ට් ප්‍රීමියර් ලීගයට

නේපාලයේ එවරස්ට් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ලාලිට්පූර් පේට්රියට්ස් කණ්ඩායම හා උපුල් තරංග සමඟ ගිවිසුම් ගතවී තිබේ. මෙම වසරේ මාර්තු 14 වැනිදා ආරම්භවන එම තරගාවලිය වෙනුවෙන් ඒ අනුව ඔහු ක්‍රීඩා කරනු ඇත.

නේපාල ක්‍රිකට් තරගාවලියට තමන්ට ක්‍රීඩා කිරීමට ලැබීම සතුටට කරුණක් බව පවසන උපුල් තරංග එරට ක්‍රිකට් සංස්කෘතිය හා එක්වීමට අවස්ථාව උදාකිරීම නැවුම් අත්දැකීමක් බව පවසා තිබේ. ‘මගේ දැනුම නේපාල යෞවනයන් එක්ක බෙදාගන්න මම කැමතියි. මේ ලැබුණු අවස්ථාව ගැන මා සතුටු වෙනවා.’ 34 හැවිරිදි ශ්‍රී ලංකා පිතිකරුවා පවසා තිබේ. උපුල් තරංග එක්දින තරගවල ලකුණු 200ට ඉහළ ඉනිම් හතක් වෙනුවෙන් දායකවී ඇති අතර එවැනි දස්කමක් දැක්වූ ලොව දෙවැනි පිතිකරුවාද වෙයි. එහි පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ රිකී පොන්ටින් විසිනි.

News Order: 
4
මාතෘකා