ඔබ්සවර් - මොබිටෙල් 2020 පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උලෙළ : ධර්මාශෝකයේ ලොහාන් සොයිසා පන්දුයවන්නන් අතර ඉදිරියට

 ඡායාරූපය:

ඔබ්සවර් - මොබිටෙල් 2020 පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උලෙළ : ධර්මාශෝකයේ ලොහාන් සොයිසා පන්දුයවන්නන් අතර ඉදිරියට

ශ්‍රී ලාංකීය අනාගත ක්‍රිකට් තාරකාවන් බවට පත්වන වත්මන් පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගැයීම වෙනුවෙන් මෙරට මුද්‍රිත ජනමාධ්‍යයේ මහගෙදර වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන සේවාව වන මොබිටෙල් සමාගම එක්ව සංවිධානය කරනු ලබන 42වැනි මොබිටෙල් - සන්ඩේ ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේ කල්බැලීම පසුගියදා ඇරඹිණ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇරඹුණු තරගාවලිය කාණ්ඩ 3ක් යටතේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පන්දු යවන්නන් අතුරින් පළමු කාණ්ඩය යටතේ තරග බිමට එක්ව සිටින පන්දු යවන්නන් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව සිටිති.

තරගයක ඉනිම දෙකේදී කඩුලු 10 සීමාව ඉක්මවූ අවස්ථා කිහිපයක් සමගින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නායක ලොහාන් ද සොයිසා, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අභිෂේක් ආනන්දකුමාර්, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පුන්තිල සමන්තකුමාර, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ මිහිරංග වික්‍රමගේ, කොළඹ සහිරා විද්‍යාලයේ ඉමිටියාස් ස්ලාසා, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ යන පන්දු යවන්නන් කැපී පෙණේ.

මාතර රාහුල විද්‍යාලයේ මනුජ දුල්නෙත්, පන්දු 4කදී පිට පිට කඩුලු දවාලූ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිතුම් අකිලංක, කළුතර විද්‍යාලයේ කවිඳු ජයවික්‍රම, අනුක ජයසිංහ (පානදුර ශ්‍රී සුමංගල), මිලක්ෂ සේනාරත්න (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද), යෝගදාස් විතූෂන් (යාපනය ශාන්ත ජෝන්), සමිත් ඉසුරු (කරන්දෙණිය මමවි) යන ක්‍රීඩකයින් දෙවැනි කාණ්ඩයේ පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන පිතිකරුවන් බවට පත්ව සිටිති.

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ශක්ති උදාර, යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ කමලරාසා ඉයලරාජන්, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ නදීර ඉෂාන්, මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලයේ නඳුන් කල්හාර යන ක්‍රීඩකයින් තෙවැනි කාණ්ඩයේ කැපී පෙනෙන පන්දුයවන්නන් බවට පත්ව සිටිති.

[ඉෂානි යද්දෙහි]

News Order: 
3
මාතෘකා