ඩයලොග් ජනාධිපති රන් කුසලාන 25 වැනිදා සිට

 ඡායාරූපය:

ඩයලොග් ජනාධිපති රන් කුසලාන 25 වැනිදා සිට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සංවිධානයක කරනු ලබන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග මෙම මස 25,26 සහ 27 යන දිනවල දී රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

මේ සඳහා දිස්ත්‍රික් තරග වලින් ශූරතාව, අනුශූරතාව දිනාගත් කාන්තා සහ පිරිමි කණ්ඩායම් 100 ක් තරග වැදීමට සුදුසුකම් ලබා ඇත. තරගකාරිත්වය වැඩි කිරීමට සහ දිස්ත්‍රික් තරගවලින් පසු දක්ෂ කණ්ඩායම් වලට ඉදිරියට යාමට අවස්ථාව අහිමිවීම සලකා බලා දිස්ත්‍රික් අනුශූරයින්ද ජාතික තරගාවලියට ඇතුළත කරන බව වොලිබෝල් සම්මේලනය මීට පෙර නිවේදනය කළේය.

තරගාවලියේ සමාරම්භක උලෙළ ජනවාරි 25 දින පෙරවරුවේ පැවැත්වෙන්නේ වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

[ශ්‍යාමලී නිශාන්ති]

News Order: 
2
මාතෘකා