ධර්මාශෝක විදුහලේ ලොහාන්ගෙන් තුන් ඉරියව් දස්කම්

 ඡායාරූපය:

ධර්මාශෝක විදුහලේ ලොහාන්ගෙන් තුන් ඉරියව් දස්කම්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය

[ඉෂානි යද්දෙහි]

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් සමාගමේ අනුග්‍රහය ඇතිව සහ සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී මොරටු විද්‍යාලයට එරෙහිව නොදැවී ශතකයක් සමගින් තුන් ඉරියව් දස්කම් දස්කම් දැක්වීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නායක ලොහාන් ද සොයිසා සමත්විය.

මෙම තරගයේදී ලොහාන් ද සොයිසා පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 150ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දක්වමින් ඉනිම දෙකේදී ලකුණු 85කට කඩුලු 10ක් දවාලමින් තම පිලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූයේය.

තවත් තරගයකදී කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව් දස්කම් දැක්වීය. එම තරගයේදීම මිහිරංග වික්‍රමගේ (ශාන්ත ජෝශප්) පන්දුවෙන් දස්කම් දැක්වීය.

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ශක්ති උදාර රත්නපුර මිහිඳු විද්‍යාලයට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වීය. කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට එරෙහිව පිත්තෙන් දස්කම් දැක්වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ උමයංග සුවාරිස් ශතකයක් රැස් කළ අතර, තවත් තරගයකදී වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ කවීෂ දුලංජන මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් කැපී පෙනිණි.

අම්බලන්ගොඩ ධර්මාශෝක

මොරටු විද්‍යාලය

ධර්මාශෝක: පළමු ඉනිම - 278/8

ලොහාන් ද සොයිසා නොදැවී 150, හසිත රාජපක්ෂ 45, සසිඳු මල්ශාන් 21, එරාන් හංසමාල් 43/2, විශ්ව දිදුලන 90/2

මොරටු විද්‍යාලය: පළමු ඉනිම - 148

මධුෂාන් දිලක්ෂණ 43, ඩිල්ශාන් දිලක්ෂණ 27, ලොහාන් ද සොයිසා 52/5

මොරටු විද්‍යාලය: පළමු ඉනිම - 87

නිරාජ් කණිෂ්ක 25, ලොහාන් ද සොයිසා 33/5, පහන් සංකල්පන 34/4

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 43 ක ජයක්.

ගල්කිස්ස ශාන්ත තෝමස්

කුරුණෑගල ශාන්ත ආනා

ශාන්ත තෝමස්: පළමු ඉනිම - 252

උමයංග සුවාරිස් නොදැවී 122, මනීෂ රූපසිංහ 43, යසිරු රොද්‍රිගෝ 40, පසිඳු තෙන්නකෝන් 73/5, රිෂිත පෙරේරා 11/2, මනාන් මුසාම්මිල් 56/2

ශාන්ත ආනා: පළමු ඉනිම - 104

ට්‍රිමාල්ෂ සිල්වා 33, කවිඳු රණසිංහ 24, දිල්මින් රත්නායක 25/5, කිෂාන් මුණසිංහ 26/2, යසිරු රොද්‍රිගෝ 27/2

ශාන්ත ආනා: දෙවැනි ඉනිම - 217/9

දිල්හාර දේශබන්දු 81, ලසිත් වර්ණකුලසූරිය 46, කවිඳු රණසිංහ 33, දිල්මින් රත්නායක 77/3, උමයංග සුවාරිස් 32/3

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කොළඹ රාජකීය

කොටහේන ශාන්ත බෙනඩික්ට්

රාජකීය: පළමු ඉනිම - 109

කවිඳු මදරසිංහ 64, අකිඳු කරුණාරත්න 36/3, ඔනිල පතිරණ 34/3, විහඟ රුවනාර 5/2

ශාන්ත බෙනඩික්ට්: පළමු ඉනිම - 122

තේනුක නන්දලාල් 27, සනෝජ් පෙරේරා 27, ප්‍රශාන් කල්හාර 37/5, ගිෂාන් බාලසූරිය 29/3 රාජකීය: පළමු ඉනිම - 204/8

ටිතිර වීරසිංහ 71, ඉෂිවර දිසානායක 34, තෙවිඳු සේනාරත්න 26, ළහිරු මධුසංක නොදැවී 20, අකිඳු කරුණාරත්න 35/3, ඔනිල පතිරණ 66/3

ශාන්ත බෙනඩික්ට්: දෙවැනි ඉනිම - 189/1

සනෝජ් පෙරේරා නොදැවී 78, විහඟ රුවනාර 70, තේනුක නන්දලාල් නොදැවී 28

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

වත්තල ශාන්ත අන්තෝනි

මාතර ශාන්ත සර්වේෂස්

ශාන්ත අන්තෝනි: පළමු ඉනිම - 119

අවිෂ්ක තරිඳු 32, රොමේෂ් සුරංග නොදැවී 22, දමින්ද සංකල්ප 34/5, කේෂර නුවන්ත 17/3 ශාන්ත සර්වේෂස්: පළමු ඉනිම - 194

කේෂර නුවන්ත 45, පුෂ්පිත ඩිල්ශාන් 30, කවීෂ දුලංජන 51/7

ශාන්ත අන්තෝනි: දෙවැනි ඉනිම 199/8

රොමේෂ් සුරංග නොදැවී 68, දිනුක විශාල් 36, දිනුජ නිලන්දූව 3/19, කේෂර නුවන්ත 3/59

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

හංවැල්ල රාජසිංහ - රත්නපුර කුමර

කුමර විද්‍යාලය: පළමු ඉනිම - 96

ඉඳුවර ජයසිංහ 24, තේජාන් ජයරත්න 23, ශක්ති උදාර 34/6, ඉසුරු උදේෂ් 28/3 රාජසිංහ මමවි: පළමු ඉනිම - 149

ශක්ති උදාර 68, ඉඳුවර ජයසිංහ 74/5, හංසක ලෝරන්ස් 7/2, රන්දුණු ගංගනාත් 36/3

කුමර විද්‍යාලය: දෙවැනි ඉනිම - 93

ඉඳුවර ජයසිංහ 24, ශක්ති උදාර 41/8, ධනුක ලක්ෂාන් 21/2

රාජසිංහ මමවි: දෙවැනි ඉනිම - 42/4

ඉසුරු උදාන නොදැවී 22, රන්දුණු ගංගනාත් 6/2

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

කොළඹ ශාන්ත ජෝශප්

කොළඹ වෙස්ලි

වෙස්ලි: පළමු ඉනිම - 112

ටිශාන් සේනානායක 47, දුනිත් වෙල්ලාලගේ 45/5, මිරංග වික්‍රමගේ 25/3

ශාන්ත ජෝශප්: පළමු ඉනිම - 309/4

දිනෙත් ජයකොඩි 101, ජොහෑන් ද සිල්වා 79, දුනිත් වෙල්ලාලගේ නොදැවි 72, ෂෙමිල ලියනගේ 59/2

වෙස්ලි: දෙවැනි ඉනිම - 130

දෙනුවන් මෙන්ඩිස් 60, ෂෙමිල ලියනගේ 26, මිරංග වික්‍රමගේ 62/7, ශාලින්ද සෙනෙවිරත්න 37/2

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 62ක ජයක්.

News Order: 
6
මාතෘකා