වසර පහ, හයකට හොඳම ටෙස්ට් තරගාවලිය ඔස්ට්‍රේලියා සංචාරය වේවි

 ඡායාරූපය:

වසර පහ, හයකට හොඳම ටෙස්ට් තරගාවලිය ඔස්ට්‍රේලියා සංචාරය වේවි

විරාට් කෝලි

වසර පහ හයක කාලයකට ලොව හොඳම ටෙස්ට් තරගාවලිය බවට 2020 ඔස්ට්‍රේලියානු සංචාරය පත්වනු ඇති බව විරාට් කෝලි පවසයි. මෙම වසරේ අගදී ආරම්භවන තරගාවලිය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මාසයේදීය. ටෙස්ට් තරග හතරක්, පන්දුවාර විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනකින් එම තරගාවලිය සමන්විත වෙයි.

අදාළ සංචාරය සම්බන්ධයෙන් තම කණ්ඩායම විවෘත හැඟීමෙන් පසුවන බව ඔස්ට්‍රේලියානු නායකයා ප්‍රකාශ කර ඇත. එය 2019 තරගාවලියේ වාඩුව ලබාගැනීමේ තරගාවලියක් නොවන බවද ඔහු අවධාරණය කර තිබේ. කෙසේ වෙතත් ඉන්දීය නායකයා පවසා ඇත්තේ තම කණ්ඩායම තරගාවලිය සම්බන්ධයෙන් ධනාත්මක අපේක්ෂා තබා ඇති බවයි. මෙවර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් මෙන්ම මානුස් ලැබුස්චාන් වැනි දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විතවීම හේතුවෙන් තරගාවලිය වඩා තියුණු ස්වරූපයක් ගොඩනංවනු ඇතැයිද ඔහු පවසා තිබේ. ඒ අනුව 2020 වසරේ පැවැත්වෙන මෙම තරගාවලිය වසර පහ, හයකට අමතක නොවන තරගාවලියක් වන බවද විරාට් කෝලි සඳහන් කර ඇත.

News Order: 
2
මාතෘකා