ආරම්භක තරගයට අජිනොමොටෝ සූදානම්

 ඡායාරූපය:

ආරම්භක තරගයට අජිනොමොටෝ සූදානම්

ලෝක ශූරතා රග්බි තරගාවලිය අද (20) ජපානයේ දී ආරම්භ වෙයි. නවවැනි ලෝක ශූරතා රග්බි තරගාවලියේ සමාරම්භක තරගය ටෝකියෝවේ අජිනොමොටෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සමාරම්භක තරගයට අමතරව තවත් තරග 7ක් මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය. ඒ අතර අර්ධ අවසන් තරග දෙකක් සහ තෙවැනි ස්ථානය සඳහා වන තරගයද වේ.

පනස්දහසකට තරග නැරඹීමේ පහසුකම් ඇති අජිනොමොටෝ ක්‍රීඩාංගණය රග්බි ක්‍රීඩාංගණයක පැවැතිය යුතු සියලුම නවීණ තාක්ෂණික පහසුකම්වලින් සමන්විතය. පසුගියදා ලෝක කුසලාන තරගාවලිය සඳහාම ක්‍රීඩාංගණය නැවත වරක් නවීකරණය කරන ලදී.

සිකුරාදා අජිනොමොටෝ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමාරම්භක තරගයට සහභාගී වන්නේ සත්කාරක ජපානය සමගින් රුසියාවයි. ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වන මෙම තරගය මූලික වටයේදී ජපාන කණ්ඩායම ටෝකියෝ අගනුවර තරග වදින එකම තරගයද වේ. එබැවින් තරගය සඳහා ජපන් රග්බි ලෝලින් ගෙන් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී යන බවට ජපානය විශ්වාසය පල කරයි.

විශේෂයෙන්ම 2015 පැවැති තරගාවලියේදී ජපාන කණ්ඩායම විසින් ප්‍රබල දකුණු අප්‍රිකාව ඇතුළු කණ්ඩායම් 3ක් පරාජය කරමින් මූලික වටයේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ බැවින් මෙවර ඊට වඩා දස්කමක් ජපාන පිළෙන් ජපන රග්බි ලෝලීන් බලාපොරොත්තු වේ.

අද ආරම්භ වන තරගාවලියේ පළමු දින තුනේ තරග කාල සටහන

‘ඒ’ කාණ්ඩය

අයර්ලන්තය, ස්කොට්ලන්තය, ජපානය, රුසියාව, සැමොවා

සැප්. 20 - ප.ව. 4.15 - ජපානය සහ රුසියාව - ටෝකියෝ හිදී

සැප්. 22 - ප.ව. 1.15 - අයර්ලන්තය සහ ස්කොට්ලන්තය - යොකෝහාමා හිදී

‘බී’ කාණ්ඩය

නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉතාලිය, නැමීබියාව, කැනඩාව

සැප්. 21 - ප.ව. 3.15 - නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව - යොකෝහාමා හිදී

සැප්. 22 - පෙ.ව. - 10.45 - ඉතාලිය සහ නැමීබියාව - හිගෂිඔසාකා හිදී

‘සී’ කාණ්ඩය

එංගලන්තය, ප්‍රංශය, ආර්ජන්ටිනාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ටොංගා

සැප්. 21 - ප.ව. 12.45 - ප්‍රංශය සහ ආර්ජන්ටිනාව - ටෝකියෝ හිදී

සැප්. 22 - ප.ව. 3.45 - එංගලන්තය සහ ටොංගා - සැපෝරෝ හිදී

‘ඩී’ කාණ්ඩය

ඔස්ට්‍රේලියා, වේල්ස්, ජෝජියා, ෆීජි, උරුගුවේ

සැප්. 21 - පෙ.ව. 10.15 - ඔස්ට්‍රේලියාව සහ ෆීජි - සැපෝරෝ හිදී

සැප්. 23 - ප.ව. 3.45 - වේල්ස් සහ ජෝජියා - ටොයෝටා හිදී

මාතෘකා