අකිලට යළි වසරක් තරග තහනම්

 ඡායාරූපය:

අකිලට යළි වසරක් තරග තහනම්

අයි.සී.සී. ය විසින් ශ්‍රී ලංකා දඟ පන්දුයවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පනවා තිබේ. අදාළ තීරණය එම ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ නිල වශයෙන් දැනුම්දී තිබූ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘රැස’ට අනාවරණය කළේය.

අකිල ධනංජයගේ පන්දුයැවීමේ ඉරියව්ව සැක සහිත බව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරගය අතරතුර විනිසුරුවන් පවසා තිබිණි. ඒ අනුව දින 14ක කාලයකට පසු තමන්ගේ ඉරියව් යළි චෙන්නායි නුවර පර්යේෂණායතනයකදී පරික්ෂාකර වාර්තාවක් ලබාගන්නා ලෙස ඔහුට නියෝග කරනු ලැබුණේය. අදාළ වාර්තාව ලබාගැනීමෙන් අනතුරුව එය සියුම්ව පරීක්ෂාවන්ට ලක්කළ අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය අකිල ධනංජයට එරෙහිව මෙම තහනම පනවා ඇත. මෙයට පෙරද අකිල ධනංජය අයි.සී.සී. තරග තහනමකට ලක්වුණේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි නොවන බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුවය.

මාතෘකා