ශ්‍රී ලංකාවට රන් පදක්කම් වැසි වසී

ශ්‍රී ලංකාවට රන් පදක්කම් වැසි වසී

පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් රැසක් හිමිව තිබේ. තරගාවලිය සෙනසුරාදා දක්වා කැනඩාවේ නිව්ෆවුන්ලන්ඩ්හි පැවැත්වෙන අතර තවත් පදක්කම් කීපයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ. මෙවර ජයගත් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් මොනවාද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශවී නැති නමුත් එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ඉහළ දක්ෂතා පළකරමින් ඇති බවයි.

---------

ශ්‍රී ලංකා වොලිබෝල් පිල කුවේටය පරදවයි

20 වැනි ආසියානු ජ්‍යෙෂ්ට වොලිබෝල් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කුවේටය සමග ඊයේ (19) පැවැති තරගයෙන් තරග වට 3-0ක ජයක් වාර්තා කිරීමට සමත් විය. ඒ 25-17ක් , 25-22ක් සහ 25-18ක් ලෙසය. තරගාවලියේ ශ්‍රේණිත කිරීම්හි 13 වැනි ස්ථානය ලබා ගැනීම සඳහා හෙට ශ්‍රී ලංකා පිල ඕමානය සමග තරග වැදීමට නියමිතය. තරගාවලියේ අවසන් තරගය 21 වැනිදා පැවැත්වේ.

-----------------

අත්තනගල්ල ප්‍රවීණයන්ගේ වොලිබෝල් හෙට

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව පූර්ණ අනුග්‍රහය දරමින් අත්තනගල්ල ප්‍රවීනයන්ගේ වොලිබෝල් සංගමය සමග එක්ව සංවිධානය කරන විවෘත වොලිබෝල් තරගාවලිය හෙට (21) උදේ 9.00ට නිට්ටඹුව ප්‍රාදේශීය සභා වොලිබෝල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. වයස අවුරුදු 50න් ඉහළ හා අවුරුදු 60 යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම තරග පැවැත්වෙන අතර සියලු විමසීම් - තරඟ ලේකම් - 071-2892926, 076-3701491 ඔස්සේ සිදුකළ හැකිය.

මාතෘකා