‘බැට්ල් ඔෆ් ද ජයන්ට්ස්’ ක්‍රිකට් ශූරතාව රක්ෂණ සංස්ථාවට

 ඡායාරූපය:

‘බැට්ල් ඔෆ් ද ජයන්ට්ස්’ ක්‍රිකට් ශූරතාව රක්ෂණ සංස්ථාවට

 

ලේක්හවුස් ක්‍රීඩා සංගමය මගින් සංවිධාන කරන ලේක්හවුස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඩී.එෆ්.සී.සී. බැංකුව සහ හිල්ටන් හෝටලය යන ආයතන අතර සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් පවත්වන ක්‍රීඩා තරගාවලිය යටතේ පැවැති ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා කණ්ඩායම පසුගියදා සමත් විය.

රත්මලාන දුම්රිය දෙපාර්තුමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා කණ්ඩායම පන්දුවාර 8කදී කඩුලු 4ක් දැවී ලකුණු 83ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩී.එෆ්.සී.සී. බැංකු කණ්ඩායම පන්දුවාර 7කදී කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 45ක් පමණි. ඒ අනුව ලකුණු 38ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා කණ්ඩායම සමත් විය. මේ තරගාවලියේ ෙතවැනි ස්ථානය හිල්ටන් හෝටල කණ්ඩායමට හිමිවිණි. ෙමම සුහද තරගාවලිය ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සංකල්පයක් මත සංවිධානය කර තිෙබ්.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යධිකාරී අභය අමරදාස, ලේක්හවුස් ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සුභාෂ් කරුණාරත්න (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී), ලේක්හවුස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළමනාකරු තිස්ස කුමාර, හිල්ටන් හෝටලයේ රාජේන්ද්‍ර වට්ටෝවිට (හවුස් කීපර්), ක්‍රීඩා ලේකම් සමුද්‍ර පෙරේරා, ඩී.එෆ්.සී.සී.බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, සුපිරි ශාඛා කලමනාකරු ජූඩ් අර්ජුන, මානව සම්පත් ප්‍රධානී සොනාලි ජයසිංහ, රෝහිත අමරපාල, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ව්‍යාපාර සංවර්ධන කලමනාකරු රුක්මන් වීරරත්න, සුබසාධක කළමනාකරු විපුල ගනේවත්ත, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ආලෝක ජයවර්ධන, ක්‍රීඩා සභාපති සුගත් ලියනගේ යන මහත්ම මහත්මිහු මේ අවස්ථාවට එක්වූහ.

 

 

අවසන් තරගයේ ලකුණු සටහන

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පිල - 83/4 සවින්ද්‍ර රූපසිංහ 32, රනිෂ්ක ඩිල්ෂාන් 21, මනෝජ් නිශාන්ත 15 (අමිත් ජයරත්න 2/10)

ඩී.එෆ්.සී.සී.බැංකු පිල - 45/9 චමෝද් වික්‍රමසිංහ 12 (මහේෂ් පනාගොඩ 3/11, සුමිත් චන්දන 2/12)

 

 


 

 

 

මාතෘකා