ආසියානු වොලිබෝල් තරගාවලිය

ආසියානු වොලිබෝල් තරගාවලිය

 

පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට

 

තමන් සහභාගී වූ මූලික වටයේ තෙවැනි තරගයෙන්ද පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයෙන් ඉවතට විසි විය.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර පැවැත්වෙන 20 වැනි ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි තරගයට සහභාගී වූයේ කටාර් කණ්ඩායමට එරෙහිවයි. එහිදී තරග වට 3-0ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා පිලට සිදුවිණි. ලකුණු තත්ත්වය දැක්වුණේ 21-25, 14-25 සහ 15-25ක් ලෙසිනි.

එයට පෙර ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරග දෙකෙන්ද ඉරානය සහ ඔස්ට්‍රේලියාව හමුවේ තරග වට 3-0ක් ලෙසින්ම පරාජය විය. ඒ අනුව සහභාගී වූ තරග 3න් එක් තරගයකදී හෝ එක් තරගවටයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවකාශයක් නොලැබුණි.

ශ්‍රී ලංකාව තරග වැදුණු ‘ඒ‘ කාණ්ඩයේ පළමු ස්ථාන දෙක ලබාගත් ඉරානය සහ ඔස්ට්‍රේලියාව සුපිරි අට දෙනාගේ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර සියලුම තරග පරාජය වූ ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා වන ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

 


 

මාතෘකා