දශක හතරහමාරකට පසු අළු බඳුන ජය පැරදුමෙන් තොර වෙයි

 ඡායාරූපය:

දශක හතරහමාරකට පසු අළු බඳුන ජය පැරදුමෙන් තොර වෙයි

තරගාවලියේ වීරයා ස්ටීවන් ස්මිත් 

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති අළු බඳුන ක්‍රිකට් තරගාවලිය මෙවර ජය පැරදුමෙන් තොරව අවසන් වුණේ වසර හතළිස් හතට පසුවය. මෙයට පෙර 1972 වසරේදී අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයපැරදුමෙන් තොරව අවසන්ව තිබිණි. එම තරගාවලිය සඳහාද සත්කාරකත්වය සපයා තිබුණේ එංගලන්තය විසිනි.

තරගාවලියේ වීරයා වශයෙන් ස්ටීවන් ස්මිත් සම්මාන ලැබීය. මෙම සියවසේ අළු බඳුන තරගාවලියක වැඩිම ලකුණු ලැබූ පිතිකරු වශයෙන්ද ඔහු සැලකෙන අතර මෙවර තරගාවලියේදී ස්මිත් ලකුණු 774ක් රැස්කළේය. ඊට ශතක තුනක් ඇතුළත් වුණේය. ඉන් එක් ශතකයක් ද්විත්ව ශතකයක් විණි. පන්දුවක් හිස කොටසේ පහළ පෙදෙසේ වැදීම හේතුවෙන් ස්ටීවන් ස්මිත්ට අළු බඳුන තෙවැනි තරගය අහිමිවිණි. එම තරගයට ඔහු ක්‍රීඩා කළේ නම් තරගාවලියේ තීරණය මීට වඩා වෙනස් මුහුණුවරක් ගැනීමට නියමිතයැයි සිතිය හැක්කේ එය තියුණු පරාජයක් හිමිකරගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදුවීම හේතුවෙනි. ඇතැම්විට එම තරගයට ඔහු ක්‍රඩා කළේ නම් අළු බඳුන ඉතිහාසේ ලකුණු දහසක් සම්පූර්ණ කළ පිතිකරුවා බවට පත්වීමට ස්ටීවන් ස්මිත්ට අවස්ථාව හිමිවන්නට ඉඩ තිබිණි. පෙරේදා අවසන් වුණු අවසන් තරගයේ වීරයා බවට පත්වුණේ එංගලන්තයේ ජොෆ්රා ආචර්ය.

ලකුණු පුවරුව

එංගලන්තය පළමු ඉනිම 294

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 225

එංගලන්තය දෙවැනි ඉනිම 329

(ජෝ ඩෙන්ලි 94, බෙන් ස්ටොක්ස් 67, ජොස් බට්ලර් 47, නේතන් ලියොන් 4/69)

ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 263

(මැතිව් වේඩ් 117, මිචෙල් මාෂ් 24, ස්ටීව් ස්මිත් 23, ජැක් ලීච් 4/49, ස්ටුවර්ට් බ්‍රෝඩ් 4/62)

මාතෘකා