හෝල්ඩර් සහ බ්‍රාත්වේට් නෙරපයි

 ඡායාරූපය:

හෝල්ඩර් සහ බ්‍රාත්වේට් නෙරපයි

නායකත්වය කිරන් පොලාර්ඩ්ට 

 

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ජේසන් හෝල්ඩර් සහ කාලෝස් බ්‍රාත්වේට් ඉවත්කර ඒ වෙනුවට කිරන් පොලාර්ඩ් නම්කර ඇත. කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත්තේ අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හා ඉන්දියාව හමුවේ එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ලද පරාජය සැලකිල්ලට ගනිමිනි.

ඉන්දියාව හමුවේ තරග 0-2ක් ලෙසින් පරාජය ලැබූවද ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය රැකගැනීමට ජේසන් හෝල්ඩර් සමත්ව ඇත. එරට පුවත් සේවා උපුටා දක්වන විදෙස් මාධ්‍ය සඳහන් කළේ පොලාර්ඩ් නායකත්වයට පත්කිරීමට තේරීම් කමිටුව විසින් නම නිර්දේශ කර ඇති අතර ඒ වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී අධ්‍යක්ෂවරුන් හයදෙනෙකු ඊට අනුකූලතාව දක්වා ඇති බවය. තවත් අධ්‍යක්ෂවරුන් හයදෙනෙක් පෝර්ට් ඔෆ් ස්පේන් නුවර පැවැති මෙම රැස්වීමට එක්ව නොසිටි බවද සඳහන්ය. කිරන් පොලාර්ඩ් තිස් දෙහැවිරිදි වියේ පසුවන අතර පිතිකරුවකු වශයෙන් විශේෂඥතාවක් දක්වන තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ද වේ.

මාතෘකා