පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා ප්‍රධානිත්වය දෙවැනි වරටත් ලුසීට

 ඡායාරූපය:

පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා ප්‍රධානිත්වය දෙවැනි වරටත් ලුසීට

රුවන්ඩා රාජ්‍යයේ කිගාලි නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනයේ සභාපතිත්වයට දෙවැනි වරටත් ඩැමී ලුසී මාර්ටින් තේරී පත්වූවාය. 2019 වසරේ සිට සිව් වසරක කාලයකට තේරී පත්වූ ඇය මීට පෙර 2015 වසරේදී එහි සභාපතිනිය ලෙස තේරී පත්වූවාය.

එම පත්වීමේ ඇති විශේෂත්වය වනුයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනයේ සභාපතිත්වයට පත් පළමු කාන්තාව ලෙසින් සැලකෙන්නේ ඩැමී මාර්ටින් ලුසීම වීමය. ඇය ස්කොට්ලන්ත් ජාතික කාන්තාවක්ද වේ. 1962 වසරේදී ස්කෝට්ලන්තය නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළක් නියෝජනය කළාය. මෙවර නිලවරණයේදී නවසීලන්තයේ කෙරියන් ස්මිත්, වේල්සයේ ක්‍රිස් ජෙන්කින්ස් සහ කැනඩාවේ බෘෘස් රොබර්ස්ටන් උප සභාපතිවරුන් ලෙස තේරී පත්වූහ. කලාපීය උප සභාපතිවරුන් වශයෙන් ජූඩි සීමන්ස් (බර්මියුඩා), ක්‍රිස් චෑන් (සිංගප්පූරුව), හැරී මර්ෆි (ජිබ්‍රොල්ටා), හියූ ග්‍රෑම් (කුක් දූපත්), මීරියම් මොයෝ (සැම්බියා), ෆෝර්ටුනා බෙල්රෝස් (ශාන්ත ලුසියා) තෝරා ගනු ලැබිණි.

මාතෘකා