සිව්වැනි වරටත් ඇමෙරිකානු විවෘත ශූරතාව නඩාල්ට

 ඡායාරූපය:

සිව්වැනි වරටත් ඇමෙරිකානු විවෘත ශූරතාව නඩාල්ට

කාන්තා ශූරිය බියන්කා ඇන්ඩෘස්

සිය 19 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ ලෙස මෙවර ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් විය. නඩාල් ඇමෙරිකානු විවෘත ශූරතාව දිනූ සිව්වෙනි අවස්ථාවද මෙයයි.

අවසන් තරගයේදී නඩාල් අතින් වට 3-2ක් ලෙස තියුණු තරගයකින් පසුව පරාජය වූයේ, ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි අංක 4 ස්ථානයේ පසු වන රුසියාවේ ඩැනියෙල් මෙද්වෙදෙව්ය. තරගයේ ලකුණු සටහන කියැවුණේ 7-5, 6-3, 5-7,4-6 සහ 6-4 ලෙසිනි.

පළමු වට දෙකම නඩාල් ජය ලැබූ අතර තෙවැනි සහ සිව්වැනි වට දෙක 23 හැවිරිදි මෙද්වෙදෙව් ජය ගත්තේ ඉතා විශිෂ්ට අවසන් තරගයක් ලබා දෙමිනි. ඉතා සුපිරි අවසන් වටයකදී සිය සියලුම අත්දැකීම් උපයෝගී කරගනිමින් එම වටය ජය ගත් 33 හැවිරිදි නඩාල් තවත් වසර කිහිපයක් තමන්ට ටෙනිස් පිටියේ දස්කම් දැක්විය හැකි බව ලොවට පෙන්වා සිටියේය.

කාන්තා කේවල තරගාවලියේ අවසන් තරගයේදී කැනඩාවේ බියන්කා ඇන්ඩෘස් විසින් ලකුණු 6-3 සහ 7-5ක් ලෙස ඇමෙරිකාවේ සෙරීනා විලියම්ස් පරාජය කරමින් ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.

මාතෘකා