ශ්‍රී ලංකා - උ. කොරියා පාපන්දු ගැටුම අද

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - උ. කොරියා පාපන්දු ගැටුම අද

ශ්‍රී ලංකාව 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියානු සුදුස්සන් තේරීමේ තරගාවලියෙ දෙවැනි වටයේ තමන් මුහුන දෙන දෙවැනි තරගයට අද සවස 7.30ට කොළඹ තුරඟ තරග පිටියේදී තරග වැදීමට නියමිතය. මෙවර ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන්වී සිටින්නේ උතුරු කොරියානු කණ්ඩායමයි. ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්හි 200 වැනි ස්ථානයේ පසුවන අතර උතුරු කොරියානු කණ්ඩායම 118 වැනි ස්ථානයේ පසුවේ.

මෙයට පෙර උතුරු කොරියානු පිල සමඟ තරග 3කට සහභාගී වී ඇතත් එම තරග 3ම පරාජයට පත්වී තිබේ. එහි විශේෂම කාරණය වන්නේ එම තරග 3 තුළදී උතුරු කොරියානු කණ්ඩායම ගෝල 14ක් රැස් කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම එකම ගෝලයක් හෝ ලබා ගැනීමට අසමත් වීමයි.

පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකාව සහ ටර්ක්මෙනිස්තානය අතර පැවැති තරගයෙන් ගෝල 2-0ක් ලෙස පරාජයට පත් විය.

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි වටයේ ඉදිරි තරග සටහන

පළමු අදියර

ඔක්තෝබර් 10 වැනිදා දකුණු කොරියාව සමඟ තරගය දකුණු කොරියාවේ වාසියොන්ග් හිදී,

ඔකතෝබර් 15 වැනිදා ලෙබනනය සමග කොළඹදී,

දෙවන අදියර

නොවැම්බර් 19 ටර්ක්මෙනිස්තානය සමග ටර්ක්මෙනිස්තානයේ ඇෂ්ගබාර්ට් හිදී,

2020 මාර්තු 26 වැනිදා උතුරු කොරියාව සමග උතුරු කොරියාවේ ප්යොන්ග් යැන්ග් හිදී,

2020 මාර්තු 31 වැනිදා දකුණු කොරියාව සමග කොළඹ දී, 2020 ජුනි 04 වැනිදා ලෙබනනය සමග ලෙබනනයේ බීරූට් හිදී තරග වැදීමට නියමිතය

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා