ස්ටීවන් ස්මිත් මා දුටු හොඳම පිතිකරුයි

 ඡායාරූපය:

ස්ටීවන් ස්මිත් මා දුටු හොඳම පිතිකරුයි

-ටිම් පේන්තමන්

දැක ඇති හොඳම පිතිකරුවා ස්ටීව් ස්මිත් බව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ටිම් පේන් පවසයි. අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ජයගැනීමෙන් අනතුරුව එහි තරගයේ වීරයා ලෙස ස්මිත් සම්මාන ලැබීමෙන් පසුව පේන් මේ බව පැවසීය. ‘මම දැකපු හොඳම පිතිකරු ඔහුයි. එය ඔහු නැවත වරක් ඔප්පු කර පෙන්වුවා. ඔහු තරගය මොකක්ද කියලා හොඳින් දන්නවා. එය හොඳින් අවබෝධ කරගෙන ක්‍රීඩා කරනවා’ යැයිද පේන් කීය.

මේ අතර තම සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වන ස්ටීවන් ස්මිත්, ‘මම මීට පෙර මේ තරම් හොඳින් ක්‍රීඩාකර තිබෙනවාද මා දන්නෙ නෑ. මගේ ක්‍රිකට් ජීවිතයේ පිටිය මැද ගතකරන කාලය ගැන මම සතුටු වෙනවා. වසරක් පිටියෙන් ඉවත්ව ඉඳලා නැවුම් ක්‍රීඩකයෙක් වශයෙන් යළි පිටියට ආවා. මට අවශ්‍ය වන්නේ කණ්ඩායම වෙනුවෙන් කළ යුතු යුතුකම් නිසි අයුරින් ඉටු කිරීමයි. නැතිව තරග බලාගෙන ඉඳලා මම සතුටක් ලබන්නේ නෑ. ’ යයි පැවසීය.

මාතෘකා