ඇෆ්ගනිස්ථානයට ඓතිහාසික ටෙස්ට් ජයක්

 ඡායාරූපය:

ඇෆ්ගනිස්ථානයට ඓතිහාසික ටෙස්ට් ජයක්

බංග්ලාදේශයේ සංචාරය කරන ඇෆ්ගනිස්තාන කණ්ඩායම පැවැති එකම ටෙස්ට් තරගයෙන් ලකුණු 224ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

චතෝග්‍රාම්හි පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 398ක ඉලක්කයක් බංග්ලාදේශයට හිමිවූ අතර රෂීඩ් ඛාන්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 173කට සීමා විය.

ඉනිම් දෙකේදීම බංල්ාදේශ කඩුලු 11ක් බිඳ දැමූ රෂීඩ් ඛාන් තරගයේ වීරයා විය. මෙතෙක් ටෙස්ට් තරග 3කට පමණක් සහභාගී වී සිටින ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලැබූ දෙවැනි ටෙස්ට් ජය මෙයයි.

ලකුණු සාරාංශය

ඇෆ්ගනිස්තානය පළමු ඉනිම 342 (රහ්මට් ෂා 102, අස්ගර් ඇෆ්ගන් 92, රෂීඩ් ඛාන් 51, තයිජුල් ඉස්ලාම් 4/116) බංග්ලාදේශය පළමු ඉනිම 205 (මොමිනුල් හක් 52, මොසාදික් හොසේන් 48, ලිටොන් දාස් 33, රෂීඩ් ඛාන් 5/55, මොහොමඩ් නබි 3/56)

ඇෆ්ගනිස්තානය දෙවැනි ඉනිම 260 (ඉබ්‍රාහිම් සද්‍රාන් 87, අස්ගර් ඇෆ්ගන් 50, අෆ්සාර් සසායි නොදැවී 48, ෂකීබ් අල් හසන් 3/58) බංග්ලාදේශය දෙවැනි ඉනිම 173 (ෂකීබ් අල් හසන් 44, ෂද්මාන් ඉස්ලාම් 41, රෂීඩ් ඛාන් 6/49, සහීර් ඛාන් 3/59)

මාතෘකා