වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය

 ඡායාරූපය:

වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය

ශාන්ත සෙබස්තියන් සහ මහානාම අවසන් තරගය අද  

 

 “සිංගර් කුසලාන” වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව දිනා ගැනීම සඳහා පසුගිය වසරේ අනු ශූරයින් වූ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අද (10) කොළඹ තර්ස්ටන් පිටියේදී තරග වදිති. සුඛිත ප්‍රසන්න මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් පිල මෙහෙයවනු ලබන අතර, පවන් රත්නායක කොළඹ මහානාම විදුහල් පිල මෙහෙයවයි.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල සංචිතය: සුඛිත ප්‍රසන්න (නායක), කළණ සංදීප (උප නායක ), බිහඟ මෙන්ඩිස්, සවිඳු රොද්‍රිගෝ, සඳුන් ප්‍රනාන්දු, යෂාන් අවිෂ්ක, සංදීෂ් ප්‍රනාන්දු, අශාන් ප්‍රනාන්දු, හිරුමාල් පෙරේරා, ක්‍රිෂේන් පෙරේරා, චකිල පෙරේරා, සවීන් ප්‍රනාන්දු, ෂෙවොන් පෙරේරා, මළිඳු ප්‍රනාන්දු, ඉමාල් බොතේජු මහතා (ප්‍රධාන පුහුණුකරු), සමිත් ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු), සරත් පෙරේරා මහතා (සහාය පුහුණුකරු සහ විශ්ලේෂක), ප්‍රෑන්ක් කුරේ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

කොළඹ මහානාම විද්‍යාලයීය සංචිතය: පවන් රත්නායක (නායක), විනුක රූබසිංහ, සචිර වැලිවත්ත, පුල්ෂාන් රෝහණ, සදිෂාන් චමෝද්‍ය, අචින්ත සුපුන්, චමත් චමුපති, අනුග බෙනෙරගම, දෙවිඳු කැකිරිදෙණිය, කවීෂ් දිසානායක, සෙතුම් කෙනුල, නිහිඳු පෙරේරා, හර්ෂ සූරියාරච්චි, ඩිලාන් තාරක, ප්‍රශාන් අරුණෝද්, ඉසුක අමානෙත්, කැළුම් ගංගොඩවිල මහතා (ප්‍රධාන පුහුණුකරු), දුල්ෂාන් ඇල්වල මහතා (සහාය පුහුණුකරු), සිදත් වරකාපිටිය මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

[යද්දෙහි ඉෂානි]

මාතෘකා