එංගලන්ත - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය

 ඡායාරූපය:

එංගලන්ත - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය

එංගලන්තයෙන් අර්ධ ශතක 3ක්

මුල් පෙළ පිතිකරුවන් තිදෙනකුගේ අර්ධ ශතකයන් නිසා සත්කාරක නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් කරන විට ස්ථාවර තත්ත්වයක පසු වීමට සංචාරක එංගලන්ත කණ්ඩායමට හැකි විය.

තරගය ඊයේ (21) මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූයේ එංගලන්ත නායක ජෝ රූට් හට කාසියේ වාසිය හිමිකර දෙමිණි. ඊයේ තරගයේදී කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්ගේ උපකාරයෙන් පළමු කඩුලු දෙකම දවා ගැනීමට නවසීලන්ත නායක කෙන් විලයම්සන් සමත් විය.

ඩෙන්ලි ලකුණු 74කට දැවී ගිය අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ස්ටොක්ස් නොදැවී ලකුණු 67ක් රැස් කරමින් කඩුලුලේ රැඳී සිටියේ හතරේ පහර 9ක් එල්ල කරමිනි. එංගලන්ත ඉනිමේ තෙවැනි අර්ධ ශතක ලාභියා වූ රෝරි බර්න්ස් ලකුණු 52ක් රැස් කළේය. පන්දු යැවීමේදී සාර්ථක පන්දු යවන්නා වූයේ තුන් ඉරියවු ක්‍රීඩක කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් පමණි. ඔහු ලකුණු 28කට කඩුලු 2ක් බිඳදමා තිබිණි.

ලකුණු සාරාංශය

එංගලන්තය පළමු ඉනිම

(කඩුලු 4ක් දැවී) 241

(ජෝ ඩෙන්ලි 74, බෙන් ස්ටොක්ස් නොදැවී 67, රෝරි බරන්ස් 52, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 2/28)

 

News Order: 
4
මාතෘකා

ජනප්‍රිය ලිපි