ඔස්ට්‍රේලියා - පකිස්තාන ටෙස්ට් තරගාවලිය

 ඡායාරූපය:

 ඔස්ට්‍රේලියා - පකිස්තාන ටෙස්ට් තරගාවලිය

පකිස්තානය පළමු ඉනිමේ අසරණ වෙයි

සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බේන් හි ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට පාකිස්තාන් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු පිතිකරුවන් දැවී ලකුණු 240ක් රස්කර ගත්හ.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අසාඩ් සෆීක් ලකුණු 76ක් රැස් කළේය.පකිස්තානු ඉනිමේ හොඳම සබඳතාව වාර්තා කරමින් සෆීක් සහ මොහොමඩ් රිස්වාන් (37)

7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සබඳතාවක් පැවැත් වූහ.

පකිස්තානුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ ඉනිමේ කඩුලු 9ක්ම දවා ගත්හ. මෙම තරගයේ විශේෂත්වය ලෙස 16 හැවිරිදි පකිස්තාන මඳවේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂාට ටෙස්ට් වරම් හිමි වීම දැක්විය හැකිය.

ලකුණු සාරාංශය- පකිස්තානය පළමු ඉනිම (සියලු දෙනා දැවී) 240 (අසාඩ් සෆීක් 76, අසාර් අලි 39, මොහොමඩ් රිස්වාන් 37, ෂාන් මසූඩ් 27, මිචෙල් ස්ටාර්ක් 4/52, පැට් කමින්ස් 3/60, ජෝෂ් හේසල්වුඩ් 2/46)

News Order: 
6
මාතෘකා

ජනප්‍රිය ලිපි