රශ්මික සහ නෙත්මිණ ආසියානු තරුණ බොක්සිං තරගාවලියට

රශ්මික සහ නෙත්මිණ ආසියානු තරුණ බොක්සිං තරගාවලියට

ආසියානු තරුණ බොක්සිං තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනෙක් ඊයේ (07) මොංගෝලියාව බලා පිටත් වූහ.

හෙට (09) සිට මොංගෝලියාවේ උලන්බාටාර් නගරයේ පැවැත්නෙ මෙම තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ විද්‍යාර්ථ විද්‍යාලයේ ටී. රශ්මික සහ කඹුරුපිටිය නාරංදෙණිය ජාතික පාසලේ තරින්ද් නෙත්මිණ යි. රශ්මික පසුගිය වසරේ පැවැති ස්ටබ්ස් පළිහ තරගාවලියේ කි.ග්‍රෑ. 56 බැන්ටම් වේට් අංශයේ ශූරයා වූ අතර නෙත්මිණ මෙම වසරේ පැවැති ටී.බී. ජායා සහ එල්.වී. ජයවීර අනුස්මරණ බොක්සිං තරගාවලින්හි ශූරතාව දිනා ගැනීමට සමත් විය.

තරගාවලිය සඳහා මෙම ක්‍රීඩකයින් දෙදෙනා තෝරාගනු ලැබුවේ පසුගියදා අවසන් වූ ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝගතා කුසලාන බොක්සිං තරගාවලියේදීය. මොංගෝලියාවේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කසකස්තානය, පිලිපීනය, චීනය, තායිලන්තය සහ ටජිකිස්තානය වැනි ප්‍රබල බොක්සිං ක්‍රීඩකයින් සිටින රටවල්ද ඇතුලත් රටවල් 26ක් තරග වැදීමට නියමිතය. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස අමිල අරවින්ද සහ දීපාල් ජයසිංහ සහභාගි වීමට නියමිතයි.

News Order: 
6
මාතෘකා