වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය

වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය

නව වැනිදා තරග පහක්

වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය යටතේ අද සිට ලබන අඟහරුවාදා දක්වා තරග නවයක් පැවැත්වීමට පාපන්දු සම්මේලනය සැලසුම්කර තිබේ.

අද මාතර සිටි කණ්ඩායම සහ එස්.එල්.ටී.බී. කණ්ඩායම අතර මාතරදී පැවැත්වෙන තරගයත් සමඟින් සති අන්තයේ තරග ආරම්භ වෙයි. තරග පහක් පැවැත්වීමට නියමිතව ඇත්තේ සෙනසුරාදා දිනයේදීය. එහිදී බදුල්ල ඕල්ඩ් දූතියන්ස් සහ පොලිස් ක්‍රීඩා සමාජය, මොරගස්මුල් හා සෝන්ඩර්ස්, වව්නියා 786 සහ හිලරි, අනුරාධපුර සහ ඩිෆෙන්ඩර්ස්, ගෝල්ඩන් ඉලවන්ස් සහ සුපර් ස්ටාර් ක්‍රීඩා සමාජ තරග වදී. ඒ පිළිවෙලින් බදුල්, කෝට්ටේ, මන්නාරම, අනුරාධපුර සහ බැද්දගාන ක්‍රීඩාංගණවලය.

ඥානමුරුගන් - බන්ධනාගාර, රත්නම් - අබානි යන කණ්ඩායම් හෙට දිනයේ පිළිවෙලින් අනුරාධපුර සහ බැද්දගාන හෝ කැලණිය ක්‍රීඩාංගණයේදී තරග වදින අතර 12 වැනිදා තරගය පැවැත්වෙන්නේ සෙරන්ඩිබ් සහ ශා. මේරි කණ්ඩායම් අතර අනුරාධපුරයේදීය.

News Order: 
3
මාතෘකා