අවිශ්කගේ ආබාධය සුව අතට

 ඡායාරූපය:

අවිශ්කගේ ආබාධය සුව අතට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පුහුණු තරගයේදී පන්දු රකිමින් සිටි අවිශ්ක ප්‍රනාන්දු පිටියේ ඇදවැටීමෙන් ඇතිවූ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පිණිස පිටියෙන් රැගන යනු ලැබූ අතර පසුව සිදුකළ ස්කෑන් පරීක්ෂණයකින් පසු අනාවරණයව ඇත්තේ ඔහු සුළු ආබාධයකට ලක්ව ඇති බවය. මේ හේතුවෙන් ඔහු ඉක්මනින් සුව අතට හැරෙනු ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

දෙරට අතර පැවැති පුහුණු තරගයේ 18 වැනි පන්දුවාරයේදී ෆැෆ් ඩු ප්ලෙසිස් එල්ල කළ පහරක් කවර්හි සිට රැකගැනීමට උත්සහ කිරීමේදී පාදය ලිස්සායාම හේතුවෙන් ඔහුගේ වළලුකර ආශ්‍රිතව ආබාධිත තත්ත්වයක් වාර්තාවිණි.

එම අවස්ථාවේදී ගිලන් ඇඳක් යොදාගනිමින් ඔහු පිටියෙන් ඉවත්කළ අතර පසුව කළ ස්කෑන් පරීක්ෂණයකින් කියැවුණේ සුළු ආබාධිත තත්ත්වයකට ලක්ව ඇති බවයි. ඔහුගේ වළලුකර ආශ්‍රිත ප්‍ර දේශයට අයිස් තැබීම සහ වෙලුම්පටි යොදා ප්‍රතිකාර ලබාදී ඇති අතර ඉක්මනින් සුව අතට හැරෙනු ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු අතරට පිවිසීමට සමත්වූ අවිශ්ක ප්‍රනාන්දු ලෝක කුසලානයේදී වැඩි අපේක්ෂා තබා ඇති ක්‍රීඩකයෙකි.

මාතෘකා

ජනප්‍රිය ලිපි