ශ්‍රී ලංකා ‘ඒ’ පිල අසීරු අඩියක

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ‘ඒ’ පිල අසීරු අඩියක

ඉන්දීය ඉනිමේ ශතක වැසි වසී

ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින නිල නොලත් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ තරග නතරකරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 83ක් ලබා අසීරු අඩියක පසුවූයේය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව බෙලාගාවිහි ජිම්කානා තණතීරුවේ පළමුව පන්දුවට පහරදීමේ වගකීම තමන් පිට පවරාගැනීමට ගත් තීරණය වඩා නිවැරදි බව ප්‍රකාශ කරමින් නායක ප්‍රියංක් පංචාල්, අබිමන්යු ඊශ්වරන් සමඟ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 352ක් රැස් කළේය. පළමුව දැවී ගියේ ලකුණු 160ක් ලබා සිටි නායක ප්‍රියංක පංචාල්ය. අබිමන්යු ලකුණු 233ක් රැස්කරනු ලැබුණේය. ඉන්පසු තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි අන්මෝර්ප්‍රීට් සිං නොදැවී ලකුණු 116ක් ලැබූ අතර සිදේශ් ලීඩ් ලකුණු 76කට දැවී ගියේ තේ පානය කිරීමෙන් පසු පිටියට පැමිණ ක්‍රීඩා කරද්දීය. ඔහුගේ ශතකය අතරමග නැවතීමත් සමඟ ඉන්දීය නායකා තීරණය කළේ තම පළමු ඉනිම අත්හිටුවන්නටය.

ලකුණු සාරාංශය

ඉන්දියා ඒ පිල 622/5 (ඉනිම අතිහිටවූවා) ( අබිමන්යු ඊශ්වරන් 233, ප්‍රියංක් පංචාල් 160, අන්මෝල්ප්‍රීට් සිං (නොදැවී) 116, සිදේශ් ලැඩ් 76, විශ්ව ප්‍රනාන්දු 2/83, ළහිරු කුමාර 1/86, අකිල ධනංජය 1/136, ලක්ෂාන් සඳකැන් 1/145)

ශ්‍රී ලංකා ඒ පිල 83/4 (සධීර සමරවික්‍රම 31, අශාන් ප්‍රියංජන (නොදැවී) 22, නිරෝෂන් දික්වැල්ල (නොදැවී) 22, සන්දීප් වේරියර් 2/30, ෂිවම් ඩුබේ 2/11)

මාතෘකා