පුරවැසියන් වශයෙන් නීතිය අතට ගන්න එපා : ශ්‍රියානි කුලවංශ

 ඡායාරූපය:

පුරවැසියන් වශයෙන් නීතිය අතට ගන්න එපා : ශ්‍රියානි කුලවංශ

කිසිදු සිවිල් පුරවැසියෙක් නීතිය අතට ගෙන කටයුතු නොකළයුතු බව පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම් ලාභිනියක වන සුපිරි කඩුලු පැනීමේ ශූරී ශ්‍රියානි කුලවංශ පවසයි. ‘රැස’ සමඟ අදහස් දක්වමින් ඇය කියාසිටියේ රට තුළ උද්ගතව ඇති තත්ත්වය යහපත් අතට පත්කරගත්තේ ඒ ආකාරයෙන් කටයුතු කිරීමෙන් පමණක් බවයි.

‘සමාජයේ යම් කොටසක් ආමන්ත්‍රණය කරන කෙනෙක් හැටියට මම සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ නීතිය අතට ගන්න යන්න එපා කියලයි. එවැනි කටයුත්තක් කිරීමෙන් කිසිවකුටත් සහනයක් හිමිවන්නෙ නැහැ. ආගමික නායකයන් කියන කරුණු ගැන සිතන්න. ඔවුන් කියන දේට ඇහුම්කන් දෙන්න. වෛරයෙන් තොරව ක්‍රියාකිරීම තමයි ජයග්‍රහණයට තිබෙන ස්ථාවරම මාර්ගය. බෞද්ධයන් මහා නායක හිමිවරුන්ගේ සහ සෙසු බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ හඬට සවන්දී කටයුතු කිරීම වැදගත්. අගරදගුරු හිමියන් ප්‍රකාශ කරන්නෙත් සන්සුන්ව කටයුුත කරන්න කියලයි. හින්දු පූජක උතුමන්ලාත් මේ අවස්ථාවේදී එම ඉල්ලීම ජනතාවගෙන් කරනවා. ඉස්ලාම් ආගමික නායකයන්ගෙන්ද එවැනි ඉල්ලීමක් අපට දැකිය හැකියි. ඒ නිසා අපි කාටත් වඩාත් ළඟින් දැනෙන ආගමික දර්ශනයන්ට අනුගතව ජීවත් වන්න. අනෙකා නොතලා, නොපෙලා සාමයෙන් ජීවත් වෙන්න. අපේ දරුවන්ට යහපත් අනාගතයක් අපේක්ෂා කළ හැක්කේ එලෙස ක්‍රියාකිරීමෙන් පමණයි’ යැයි වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මාතෘකා