කුමාර් සංගක්කාර යළි ත්‍රිත්ව විදුහලට

 ඡායාරූපය:

කුමාර් සංගක්කාර යළි ත්‍රිත්ව විදුහලට

මහනුවර ග්‍රීන්හිල් ජාත්‍යන්තර පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක, එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ සභාපතිත්වයට පත් කුමාර් සංගක්කාර මහතා ආරාධනා ලැබීය. පසුගියදා පැවැති මෙම ත්‍යාග ප්‍රදානෝත්ස්වය සඳහා ඔහු ආරාධනා ලබද්දී එම විදුහලේ වර්තමාන විදුහල්පති ධුරය හොබවනු ලබන්නේ එවකට මහනුවර ත්‍රිත්ව විදුහලේ එවකට ත්‍රිත්ව විදුහලේ විදුහල්පති වශයෙන් කටයුතු කළ ලුතිනල් කර්නල් ලෙනාඩ් ද අල්විස් මහතාය.

කුමාර් සංගක්කාර ත්‍රිත්ව විදුහලේ වයස 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ක්‍රීඩා කරන අවධියේ මහනුවර ‘රැස’ විශේෂ ක්‍රීඩා වාර්තාකරුවා වශයෙන් කටයුතු කරනු ලබන උපනන්ද ජයසුන්දර මහතාද ඔහුගේ පුහුණුකරු වශයෙන් කටයුතු කළේය. ඒ 1990 සහ 1992 අතර කාලය තුළදීය. එදා එම වයස 13 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූවේ රොෂාන් රෆායල් ක්‍රීඩකයායි.

එම කණ්ඩායමේ සිටි අනෙක් ක්‍රීඩකයන් වුයේ කුමාර සංගක්කාර, නරේන් බුලත්සිංහල, නරේන්ද්‍ර ඒකනායක, වින්ජය ජයසිංහ, එම් සුරේෂ් කුමාර්, අයි. ඩී. බී. ගුණවර්ධන, නිපුණ ගුණසේකර, එල්. පීරිස්, කේ. පෝලියද්ද, එන්. අමුණුගම, සහ ජනක සෙනෙවිරත්න යන ක්‍රීඩකයන්ය. කණ්ඩායම්භාර ආචාර්යවරයා වශයෙන් කේ. කරුණාදාස මහතා කටයුතු කළේය.

පසුගියදා බ්‍රිතාන්‍ය යේ එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ නව සභාපතිවරයා වශයෙන්ද තේරී පත්වීමට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සමත් විය. ‍එම පදවියෙන් පිදුම්ලත් ඔහු සැලකෙනුයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු පුද්ගලයා ලෙසය.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් සිටියදීම 2012 වර්ෂයේ කොලින් කවුඩ්‍රි දේශනය පවත්වා දේශ දේශාන්තරයන්හි ජනාදරයට පත්වීමටද පෘථුල දැක්මක් සහිත පුද්ගලයකු වශයෙන්ද සැලකිල්ලට ලක්වීමට සමත්විය. ත්‍රිත්ව විද්‍යාලයීය ආදි ශිෂ්‍යයකු මෙන්ම ශ්‍රී ලංකාව මාතෘ භූමිය බවට පත් කරගත් විශිෂ්ට පුත්‍ර රත්නයක් වශයෙන් සැලකෙන කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියේ මෙන්ම පිටතදී ස්වකීය මහත්මාගුණය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට සමත් තැනැත්තෙකි.

ත්‍රිත්ව විදුහල් ශාලාවේ පැවැත්වුණු ග්‍රීන්හිල් ජාත්‍යන්තර පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා මහත් හරසරින් පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවාගෙන යන අන්දම. විදුහල්පති, ලුතිනන් කර්නල් ලෙනාඩ් ද අල්විස් මහතා සහ කළමනාකරණ අධ්‍යක්ෂක බි. ආර්. රාජන් මහතා ඇතුළු ගුරු මණ්ඩලය මෙහි සිටිති.

මාතෘකා