ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානුවන් පරදවයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානුවන් පරදවයි

ශ්‍රී ලංකාවට තරගාවලියේ දී සුවිශේෂ දස්කමක් දැක්වීමට නොහැකි විය. සහභාගී වූ තරග අතරින් තරග දෙකක් පමණක් ජයගෙන තරග 5ක් පරාජය විය. ශ්‍රී ලංකාව අතින් ටෙස්ට වරම් නොලබා සිට සිම්බාබ්වේ සහ වසර 21ට පසුව ජාත්‍යන්තර පිටයට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම් පරාජය විය.

පෙබරවාරි 23 වැනිදා නවසීලන්තයේ නිව් ප්ලයිමවුත්හි පැවැති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 4ක් දැවී ලකුණු 312ක් රැස් කළේ තරගයේ ජයග්‍රහණය අපේක්ෂාවෙනි. ඇන්ඩි ෆ්ලවර් ලකුණු 115 නොදැවී රැස් කළේය. පන්දු 45කින් නොදැවී ලකුණු 83ක් එක් කළ ඇන්ඩි වොලර් ගේ ඉනිම නිසා ලකුණු තුන්සීය ඉක්මවීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. අනපේක්ෂිත ඉලක්කයක් වුවත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාවූ අතුල සමරසේකර (75) සහ රොෂාන් මහානම (59) පළමු කඩුල්ලට ලකුණු 142ක් එක් කරමින් හොඳ ආරම්භයක් ගබා දීමට සමත් වූහ. අරවින්ද ද සිල්වා සහ අසංක ගුරුසිංහ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් අර්ජුන රණතුංග පන්දු 61කින් නොදැවී ලකුණු 88ක් ලබමින් පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීමට සමත් විය. සනත් ජයසූරියද පන්දු 23කින් ලකුණු 32ක් කණ්ඩායමට එක් කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ කඩුලු 3කිනිි.

දකුණු අප්‍රිකාව සමග ශ්‍රී ලංකාව තරගවැදුණේ නවසීලන්තයේ වෙලිංටන්හිදීය. දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 50දී ලකුණු 195කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එකදු අර්ධශතකයක් හෝ දකුණු අප්‍රිකා ඉනිමේ වාර්තා වූයේ නැත. හ්‍රී ලංකාව තරගය ජය ගත්තේ කඩුලු 3කිණි. ඒ එක් පන්දුවක් ඉතිරිව තිබියදීය. එවරද අර්ජුන රණතුංග නොදැවී ලකුණු 64ක් රැස් කළ අතර රොෂාන් මහානාමද ලකුණු 68ක් ලබා ගැනීමට සමත් විය. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කොදෙව්, එංගලන්තය සහ පාකිස්ථානය සමග තරග ශ්‍රී ලංකාව පරාජය වූ අතර ඉන්දියාව සමග තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි. රොෂාන් මහානාම පළමු තරග තුනේදී පිට පිටම අර්ධ ශතක තුනක් රැස් කිරීඹ හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වෙනත් දස්කමක් මෙම තරගාවලියේදී වාර්තා නොවිණි.

මාතෘකා