නෙල්සන් මෙන්ඩිස් කුසලාන සී.සී.සී. මෙරුන්ස් පිලට : අනුශූරතාව අම්බලන්ගොඩ මාදම්පාවට

 ඡායාරූපය:

නෙල්සන් මෙන්ඩිස් කුසලාන සී.සී.සී. මෙරුන්ස් පිලට : අනුශූරතාව අම්බලන්ගොඩ මාදම්පාවට

මෙරට ප්‍රධාන ක්‍රිකට් පුහුණු පාසල වන සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසල 15 වැනි වරට සංවිධානය කරන ලද අවු.14 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සී.සී.සී. මෙරූන් කණ්ඩායම පසුගියදා සමත්විය.

තරගාවලිය සඳහා කණ්ඩායම් 28 ක් සහභාගිවූ අතර එහි අවසන් මහා තරයට සඳහා සුදුසුකම් ලැබුවේ

සී.සී.සී. මෙරුන්ස් සහ අම්බලන්ගොඩ මාදම්පා ක්‍රිකට් පුහුණු පාසල් කණ්ඩායමයි. තෙවැනි ස්ථානය වෙනුවෙන් මහර ක්‍රිකට් පුහුණු පාසල සහ හොරණ ස්වින්ගර්ස් ක්‍රිකට් පුහුණු පාසල් තරග වැදුණු අතර මෙහි ජයග්‍රහණය හොරණ ස්වින්ගර්ස් කණ්ඩායමට හිමිවිණි.

ජයග්‍රාහක කණ්ඩායම් සඳහා සහතික සහ කුසලාන ප්‍රදානය කිරීම පසුගියදා කොළඹ බිෂොප් විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නා වන චමින්ද වාස් මහතා සහ පර්සි අබේසේකර යන මහත්වරුන්ය. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගම, ජෝර්ජ් සිටුවර්ට්,හෙලන් සහ ජෝර්ජ් ස්ටුවර්ට් තේ සමාගම, ඒෂියන් ග්‍රැමර් ජාත්‍යන්තර පාසල, පැක් වර්ල්ඩ් පුද්ගලික සමාගම, රේණුකා පුද්ගලික ආයතනය, ඇට්මෝ සමූහ ව්‍යාපාරය, ද චාන්ස් ස්පෝර්ට්ස් ආයතන කටයුතු කරනු ලැබිණි.

සම්මාන දිනූවන් සහ කණ්ඩායම්

පළවෙනි අර්ධ අවසන් පූර්ව තරගයේ වීරයා

සී.සී.සී. මෙරුන්ස් කණ්ඩායමේ

යසිත කළුපහන

දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ වීරයා

මහර ක්‍රිකට් පුහුණු පාසලේ ඉෂාර ආයුපාල

තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයේ වීරයා

මාදම්පා ක්‍රිකට් පුහුණු පාසලේ

රන්දුල සමරහේවා

හතරවන අර්ධ අවසන් පූර්ව තරගයේ වීරයා

ස්වින්ගර්ස් ක්‍රිකට් පුහුණු පාසලේ

චමත් ගෝමස්

පළමු අවසන් පූර්ව තරගයේ වීරයා

සී.සී.සී. මෙරුන්ස් ක්‍රිකට් පුහුණු පාසලේ

ලිනාල් සුබසිංහ

දෙවන, අවසන් පූර්ව තරගයේ වීරයා

මාදම්පා ක්‍රිකට් පුහුණු පාසලේ

මල්ෂ තරුපති

තරගාවලියේ හොඳම පන්දු රකින්නා

තේමිය ගුනරත්න සී.සී.සී. මෙරුන්ස්

තරගාවලියේ හොඳම කඩුලු රකින්නා

වාගිෂ අමන්ත මහර ක්‍රිකට් පුහුණු පාසල

තරඟාවලියේ හොඳම පන්දු යවන්නා

මුදිත දිසානායක

සිව්නිගර්ස් ක්‍රිකට් පුහුණු පාසල

තරගාවලියේ හොඳම පිතිකරු

මලීෂ ප්‍රනාන්දු

ස්වින්ගර්ස් ක්‍රිකට් පුහණු පාසල

තරගාවලියේ වීරයා

රන්දුල් සමරහේවා

මාදම්පා ක්‍රිකට් පුහුණු පාසල

තරගාවලියේ තුන්වන ස්ථානය

හොරණ ස්වින්ගර්ස් ක්‍රිකට් පුහුණු පාසල

තරගාවලියේ අනුශූරතාවය

අම්බලන්ගොඩ මාදම්පා ක්‍රිකට් පුහුණු පාසල

තරගාවලියේ ශූරතාව

සී.සී.සී. මෙරුන්ස් ක්‍රිකට් පුහුණු පාසල

මාතෘකා