ගේල් සහ අශ්වින් පන්ජාබයට ජය ගෙනෙති

 ඡායාරූපය:

ගේල් සහ අශ්වින් පන්ජාබයට ජය ගෙනෙති

ලකුණු 69ක් ලබා සිටි ජෝෂ් බට්ලර් ආන්දෝලනාත්මක ආකාරයෙන් දුවද්දී දවා ගැනීමකට හසුකර ගත් රවිචන්ද්‍රන් අශ්වින් තම කණ්ඩායමට ලකුණු 14ක ජයක් හිමිකර දීමට සමත් විය.

පන්දු යවමින් සිටියදී තමන් සීමා ඉරට පැමිණීමටත් පෙර තම සීමාවෙන් ඉදිරියට ගමන් කළ බට්ලර් ගේ කඩුල්ල බිඳ දමා ඔහුගේ කඩුල්ල දවා ගැනීමට අශ්වින් සමත් විය. ඒ වන විට පන්දු 43කින් ලකුණු 69ක් ලබා සිටි බට්ලර් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් එල්ලකර තිබුණි.

පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ගේල් පන්දු 47කින් ලකුණු 79ක් රැස් කිරීමට සමත් වූයේ හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගිනි.

ලකුණු පුවරුව

කිංග්ස් ලෙවන් පන්ජාබ් (පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී) 184

(ක්‍රිස් ගේල් 79, සර්ෆරාස් ඛාන් නොදැවී 46, මායන්ක් අගර්වාල් 22, බෙන් ස්ටොක්ස් 2/48)

රාජස්ථාන් රෝයල්ස් (පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී) 170

(ජෝෂ් බට්ලර් 69, සන්ජු සැම්සන් 30, අජින්ක්‍යා රහානේ 27, මුජිබ් උර් රහමාන් 2/31, අන්කිට් රාජ්පුට් 2/33)

මාතෘකා