ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය

 ඡායාරූපය:

ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය

වසර 38කට පසු ක්ලිෆර්ඩ් කුසලානය හැව්ලොක් සන්තක වෙයි

ගුවන් හමුදාවට අනුශූරතාව

අවසන් තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 37-21ක් ලෙස පරාජය කරමින් කොළඹ තුරඟ තරග පිටියේදී 2019 ක්ලිෆර්ඩ් කුසලාන දිනා ගැනීමට හැව්ලොක් කණ්ඩායම ඊයේ සමත් විය.

අවසන් මොහොතේදී තමන් අතින් ගිලිහුණු මෙවර ලීග් ශූරතාවයේ අමිහිර මතකය මකා දමමින් මහනුවර කණඩායම තරගාවලියෙන් ඉවත්වීමේ වාසිය ලබාගත් පොලිස් කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූ ගුවන් හමුදා පිල හමුවේ විශිෂ්ට තරගයක නිරතවීමට හැව්ලොක් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් ලබා ගත්තද ලකුණු 21-14ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වූයේ හැව්ලොක් කණ්ඩායමයි.

දෙවැනි අර්ධය ආරම්භයේදීම ලැබුණු දඬුවම් පහර දෙකක් සාර්ථකකර ගනිමින් රිසා මුබාරක් හැව්ලොක් කණ්ඩායමට ලකුණු 6ක් එක්කරන විට 57 වැනි මිනිත්තුවේදී ගුවන් හමුදාවේ තිළිණ බණ්ඩාර උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් විය. චරිත් සෙනෙවිරත්න එහි ප්‍රවර්ථනය සාර්ථකකර ගත් නිසා ගුවන් හමුදා පිල ලකුණු 27-21ක් ලෙස හැව්ලොක් කණ්ඩායමට සමීප විණි.

ඊට හරියටම මින්තුතු පහකට පසුව හැව්ලොක් කණ්ඩායමේ සිව්වෙනි උත්සාහක දිනුම වාර්තා කළේ පසිඳු කරුණාතිලක විසිනි. රිසා මුබාරක් අමතර ලකුණු දෙකක් එක් කළ නිසා ලකුණු තත්ත්වය කියැවුණේ 34-21ක් ලෙස හැව්ලොක් කණ්ඩායම ඉදිරියෙන් තබමිනි. තරගයේ දෙවැනි අර්ධය ක්‍රියාත්මක වෙමින් තිබියදී 67 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් නැවතත් රිසා විසින් සාර්ථකකර ගත් හෙයින් 37-21ක් ලෙස තරගයේ පැහැදිලි ජයග්‍රාහී මාවතට පිවිසීමට ඔවුහු සමත් වූහ. අවසන් මිනිත්තුවේදී තවත් දඬුවම් පහරක් හැව්ලොක් කණ්ඩායමට හිමි වූ අතර මුබාරක් එයද සාර්ථක කරගත්තේ 14 වැනි වරටත් හැව්ලොක් කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලානයේ හිමිකරුවන් කරමිනි.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් වූයේ හැව්ලොක් පිලේ ලසිඳු කරුණාතිලකයි.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා