විස්සයි විස්ස ලෝක කුසලානය මගේ අවසන් තරගාවලියයි

විස්සයි විස්ස ලෝක කුසලානය මගේ අවසන් තරගාවලියයි

- මාලිංගගෙන් ප්‍රකාශයක්

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ හංස ගීතය ගයන්නේ කවදාදැයි පසුගියදා ලසිත් මාලිංග අනාවැකි පළකළේය. දකුණු අප්‍රිකාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා 2020 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යොදා ගැනීමට තමන් අපේක්ෂා කරන බවයි. පන්දුවාර විස්සයි විස්ස දෙවැනි තරගය පරාජයවීමෙන් අනතුරුව ඔහු මේබව ප්‍රකාශ කළේය.

තිස්පස්වැනි වියේ පසුවන මාලිංග සීමිත පන්දුවාර තරග 218ක් ක්‍රීඩාකර ඇත. ඔහු එහිදී කඩුලු 322ක් දවාගෙන ඇති අතර පන්දුවාර විස්සයි විස්ස තරග 72කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 97කි. පන්දුවාර විස්සයි විස්ස වැඩිම කඩුලු ලාභියාවීම සඳහා තවත් එක්කඩුල්ලක් පමණක් ලබාගතයුතු අතර එම වාර්තාවේ හිමිකරුවා වනුයේ සහීඩ් ඇෆ්රිඩිය.

මාතෘකා