එංගලන්ත කාන්තා පිලට පහසු ජයක්

 ඡායාරූපය:

එංගලන්ත කාන්තා පිලට පහසු ජයක්

සංචාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ඊයේ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් කඩුලු අටක පහසු ජයක් හිමිකර ගැනීමට සංචාරක කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 94ක් රැස්කළහ. වැඩිම ලකුණු ලාභිනිය වූ ඕෂධි රණසිංහ නොදැවී ලකුණු 20ක් රැස්කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කාන්තාවෝ පන්දුවාර 14.2ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 95ක් රැස්කරමින් ජයග්‍රහණය අත්පත් කරගත්හ. සංචාරක කණ්ඩායම වෙනුවෙන් ටැමී බියුමොන්ට් නොදැවී ලකුණු 50ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවරිය බවට පත්විණි.

ශ්‍රී ලංකා කාන්තා පිල - (පන්දු වාර 19ක් තුළ සියලු දෙනා දැවී) 94

( ඕෂධී රණසිංහ (නොදැවී) 20, හංසිමා කරුණාරත්න 19, ඉමල්කා මෙන්ඩිස් 14, ලින්සේ ස්මිත් 3/18, ඇනී සර්බසෝල් 2/20, ප්‍රියා ඩේවිස් 2/28, නටාලි ස්කිවර් 1/6, ලෝරා මාර්ෂ් 1/14)

එංගලන්ත කාන්තා පිල - (පන්දුවාර 14.2 කදී ) 95/2 (ටැමී බියුමොන්ට් (නොදැවී) 50, චමරි අතපත්තු 1/14)

මාතෘකා