අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය

 ඡායාරූපය:

අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය

පලස්තීනය හමුවේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

ආසියානු අවුරුදු 23න් පහළ පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගයෙන්ම පලස්තීන කණ්ඩායම හමුවේ ගෝල 9-0ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

කලීෆා ස්පෝර්ට්ස් සිටි ක්‍රීඩාංගණයේදී සිකුරාදා (22) පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විටම ගෝල 4-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට පලස්තීන කණ්ඩායම සමත් විය. දෙවැනි අර්ධයේදී තවත් ගෝල 5ක් තම මල්ලට එක්කර ගත් පලස්තීනුවෝ තරගය පහසුවෙන්ම ජයගැනීමට සමත් වූහ.

මාතෘකා