කෝලි දෝනිට පරදී

 ඡායාරූපය:

කෝලි දෝනිට පරදී

හර්බජන් සිංගේ සුපිරි පන්දු යැවීම නිසා 2019 අයි.පී.එල්. තරගාවලියේ සමාරම්භක තරගයේදීම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි ලකුණු 6කට මෙන්ම ප්‍රවේගවත් පිතිකරුවන් වූ ඒබී ඩි විලියර්ස් සහ මොයින් අලි ලකුණු 9 බැගින් ලබා සිටියදී දවා ගැනීමට හර්බජාන් සමත් විය. ඒ නිසාම බැංගලෝර් ඉනිම ලකුණු 70කට සීමා විය. හර්බජන් සිංට අමතරව චෙන්නායි කණ්ඩායමේ ඉම්රාන් තහීර් ද සිය පන්දුවාර 4දී ලකුණු 9කට කඩුලු 3ක් බිඳ දමමින් බැංගලෝර් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක විය. බැංගලෝර් ඉනිමේ ලකුණු 10කට වඩා රැස් කිරීමට සමත් වූයේ පාර්තීව් පටෙල් පමණි. ඔහු ලකුණු 29ක් රැස් කළේය.

ලකුණු සාරාංශය

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්

(පන්දුවාර 17.1කදී) 70

(පාර්තිව් පටෙල් 29, ඉම්රාන් තහීර් 3/9, හර්බජාන් සිං 3/20, රවීන්ද්‍ර ජඩේජා 2/15)

චෙන්නායි සුපර් කිංග්ස් (පන්දුවාර 17.4කදී කඩුලු 3ක් දැවී) 71

(අම්බත්ති රයිදු 28, සුරේෂ් රයිනා 19)

මාතෘකා