සාෆ් කාන්තා පාපන්දු අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසී

 ඡායාරූපය:

සාෆ් කාන්තා පාපන්දු අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසී

නේපාලය හමුවේ ගෝල 4-0ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට මෙවර සාෆ් කාන්තා පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
අවසන් පූර්ව වටයේ පළමු තරගය ලෙස පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි නේපාල කාන්තාවෝ දෙවැනි අර්ධයේදී තවත් ගෝල 3ක් වාර්තා කිරීමට සමත් වූහ.
ඒ අනුව දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශය පරදා ගෝල 4-0ක පහසු ජයක් ලැබූ ඉන්දියාව සහ නේපාලය අතර අවසන් මහා තරගය අද සවස නේපාලයේ බිරාට් නගරහි සහීඩ් රන්ගසාලා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

 

මාතෘකා