මුම්බායි ඉන්දියන්ස් අයි.පී.එල්. ශූරතාව අපේක්ෂාවෙන්

 ඡායාරූපය:

මුම්බායි ඉන්දියන්ස් අයි.පී.එල්. ශූරතාව අපේක්ෂාවෙන්

රෝහිත් ෂර්මා නායකත්වය හිමිකරගැනීමෙන් අනතුරුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අඛණ්ඩව එහි ශූරතාව හිමිකරගත් ආකාරයටම මෙම වසරේ ශූරතාවද ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරන බව මුම්බායි කණ්ඩායම පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තරගාවලියේ ශූරතාව හිමිකරගැනීම සඳහා ඔවුන් මේ වනවිට දැඩි අපේක්ෂාවකින් පසුවෙන බවය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අමතරව අයි.පී.එල්. තරගාවලියේ වඩාත් සාර්ථක කණ්ඩායම ලෙස සැලකෙනුයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමය.

ඔවුන්ට එම අවස්ථාව හිමිකරදීමට කණ්ඩායමේ නායකත්වය දරනු ලබන රෝහිත් ෂර්මාද හේතුවක් වී ඇත. ජස්ප්‍රිට් බුම්රා, හර්දික් පාන්ඩේ, කෘනාල් පාන්ඩේ සහ මයාන්ක් මාකන්ඩේ ඊට කදිම අවස්ථාවක් හිමිකරදෙන සෙසු ක්‍රීඩකයන් ලෙස විචාරකයන් දක්වා ඇත. ඊට අමතරව ලසිත් මාලිංගද ක්‍රීඩා කරයි.

මාතෘකා