විස්සයි විස්ස නායකත්වයත් ලසිත්ට

 ඡායාරූපය:

විස්සයි විස්ස නායකත්වයත් ලසිත්ට

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායම නම් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබු මෙම කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට පවරා ඇති අතර උපනායකත්වය පැවරී ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටය.

මෙම කණ්ඩායමට සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩර්සේ සහ සධීර සමරවික්‍රම ද ඇතුළත් කර ඇත. තරගාවලිය මාර්තු 19, 22 සහ 24 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය. නම්කර ඇති පන්දුවාර විස්සයි විස්ස සංචිතය මෙසේයි.

ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ලක්ෂාන් සඳකැන්.

මාතෘකා